මුල් පිටුව උණුසුම් පුවත් වෛද්‍ය පාදෙණිය GMOA සභාපති පුටුව අතහරී – නව නිලධාරී මණ්ඩලය මෙන්න..

වෛද්‍ය පාදෙණිය GMOA සභාපති පුටුව අතහරී – නව නිලධාරී මණ්ඩලය මෙන්න..

0
GMOA

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ (GMOA) විධායක කමිටුව සහ මධ්‍යම කාරක සභාවට වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය ප්‍රමුඛ කණ්ඩායම නිතරගයෙන් තේරී පත්වී ඇත.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ කමිටු සඳහා එම කණ්ඩායම අඛණ්ඩව තේරී පත් වූ 11 වැනි වතාව මෙය බව ද සඳහන් ය.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ 95 වැනි වාර්ෂික මහා සභා රැස්වීම ඊයේ (11) පැවැත්වුණු අතර එහිදී විධායක කමිටුව සහ මධ්‍යම කාරක සභා සඳහා සාමාජිකයින් පත් කිරීම සිදුකෙරිණි.

GMOA හි විධායක සභාවේ මෙවර සභාපතිවරයා ලෙස වෛද්‍ය දර්ශන සිරිසේන පත් කර ඇත. ඒ දිගු කලක් එහි සභාපතිවරයාව සිටි වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා වෙනුවට ය. වෛද්‍ය පාදෙණිය මෙවර තරග කර නොතිබුණි.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ 2022/2023 වසර සඳහා නිතරඟයෙන් තේරී පත්වූ විධායක සභාව මෙසේය.

සභාපති – විශේෂඥ වෛද්‍ය දර්ශන සිරිසේන මහතා
හිටපු සභාපති – විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය
උපසභාපතිවරුන්- විශේෂඥ වෛද්‍ය චන්දික එපිටකඩුව මහතා , විශේෂඥ වෛද්‍ය සංජීව තෙන්නකෝන් මහතා
ලේකම් – වෛද්‍ය හරිත අලුත්ගේ මහතා
සහකාර ලේකම්වරුන්- වෛද්‍ය කන්චන බුලන්කුලම මහතා, වෛද්‍ය ප්‍රභාත් සුගතදාස මහතා, වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතා, වෛද්‍ය අජන්තා රාජකරුණා මහතා
භාණ්ඩාගාරික -වෛද්‍ය කමල් කොඩිකාර මහතා
සංස්කාරක – වෛද්‍ය චන්දන ධර්මරත්න මහතා
සහකාර සංස්කාරක – වෛද්‍ය චමිල් විජේසිංහ මහතා

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ 2022/2023 වසර සඳහා තේරිපත්වු මධ්‍යම කාරක සභාව මෙසේය.

වෛද්‍ය චාරුනී කොහොඹනගේ මහත්මිය
වෛද්‍ය නිරෝෂන් ලියනගේ මහතා
වෛද්‍ය උදාන පානදුරගේ මහතා
වෛද්‍ය ගාන්දීපන් කන්ගරාජන් මහතා
වෛද්‍ය ප්‍රසාත් හේරත් මහතා
වෛද්‍ය ඉන්දික හේරත් මහතා
වෛද්‍ය ශේෂාන් විදානපතිරණ මහතා
වෛද්‍ය ජගත් රෝෂාන් මහතා
වෛද්‍ය චන්දික සනත් මහතා
වෛද්‍ය ලක්ෂ්මන් සේනාධීර මහතා
වෛද්‍ය ක්‍රිෂාන්ත නිරෝෂන් මහතා
වෛද්‍ය රගීෂ් මධුශන්ක මහතා
වෛද්‍ය දර්ශන විජේතුංග මහතා
වෛද්‍ය රුවන් ජයසූරිය මහතා
වෛද්‍ය එම් අනාස් මහතා
වෛද්‍ය චනිත් පේදුරු ආරච්චි මහතා
වෛද්‍ය දිමුත් පොන්වීර මහතා
වෛද්‍ය එස්.ජී.එන් සංජීව මහතා
වෛද්‍ය තනිගවාසන් රත්නසිංගම්
වෛද්‍ය වසන්ත කුමාර මහතා
වෛද්‍ය චාමර වීරසූරිය මහතා
වෛද්‍ය තෙනුවන් වික්‍රමසිංහ මහතා
වෛද්‍ය නාත් විජේසුරිය මහතා
වෛද්‍ය සුහෙල් අස්හර් මහතා

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version