මුල් පිටුව උණුසුම් පුවත් ආගමන විගමන දෙපාර්තමේන්තුව සඳුදා වැඩ

ආගමන විගමන දෙපාර්තමේන්තුව සඳුදා වැඩ

0

ලබන 13 වෙනිදා රජයේ විශේෂ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශ කළද එදින ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය ඇතුළු ප්‍රදේශීය කාර්යාල සාමාන්‍ය පරිදි විවෘතව තැබීමට තීරණය වී තිබේ.

රජයේ කාර්යාල සඳහා මෙදින විශේෂ නිවාඩු දිනයක් ලෙසට ප්‍රකාශයට පත් කළද අත්‍යවශ්‍ය සේවාවන් බාධාවකින් තොරව පවත්වාගෙන යා යුතු බැවින් මෙම පියවර ගන්නා බව ආගමන විගමන දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මේ දිනවල විදෙස්ගතවීමේ අරමුණින් විශාල පිරිසක් ආගමන විගමන දෙපාර්තමේන්තු කාර්යාල ඉදිරිපිට රැදී සිටින අතර ඇතැම් පිරිස් දින ගණනාවක් පුරා පෝලිම්වල රැදී සිටිනු දක්නට ලැබේ..

කුමාර ජයවර්ධන

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version