මුල් පිටුව උණුසුම් පුවත් රුසියාව සමඟ මිත්‍රත්වය පළුදු කරන්න කළ කූඨ වැඩේ ගැන පොලීසිය භාර හිටපු...

රුසියාව සමඟ මිත්‍රත්වය පළුදු කරන්න කළ කූඨ වැඩේ ගැන පොලීසිය භාර හිටපු ඇමති කී දේ

0
sarath weerasekara

ඒරොෆ්ලොට් ගුවන් යානා සම්බන්ධ සිද්ධිය රුසියාව සහ ලංකාව අතර තිබ්බ දීර්ඝ මිත්‍රත්වය පළුදු කරල අපේ රටට දෙන්න තිබුණු සහාය නවත්තන්න ඕනෑකමින් කරපු ඉතාම කූඨ වෑයමක්. යැයි හිටපු මහජන ආරක්ෂක අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රියර් අද්මිරාල් (විශ්‍රාමික) ආචාර්ය සරත් වීරසේකර මහතා සඳහන් කරයි.

සරත් වීරසේකර මහතා මේබව සඳහන් කරනු ලැබුවේ අද පැවති මාධ්‍ය හමුවකදී ඒ සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් කරමිනි.

අද අපේ රටේ දැන් පවතින ආර්ථික අර්බුදය හමුවේ රුසියාව අපිට ඉතා විශාල වශයෙන් උදව් කරන්න ලෑස්ති වෙලා හිටපු රටක්. මේ ගුවන් යානය රඳවා ගැනීම පිළිබඳව වැරදි රාශියක් වෙලා තියෙනවා.

පළමුවෙනි වැරැද්ද තමයි නීතිපති කියලා තියෙනවා අපේ අධිකරණයට කිසිම බලයක් නැහැයි කියලා මේ නඩුව අහන්න. ඒරොෆ්ලොට් සමාගම හා අයිරිෂ් සමාගම අතර බේරුම්කරනයේ අදාල ආයතන එකඟ වෙලා තිබුනත් ඔිනැම රටක නඩු ඇසීමට අපේ රට එම ජාත්‍යන්තර සම්මුතියට (කේප්ටවුන් කන්වෙන්ෂන්) අත්සන් කරල නැහැ. එහෙමනම් අපේ අධිකරණයට කිසිදු බලයක් නැහැ මේ නඩුව අහන්න.

දෙවෙනි එක තමයි ඒ දීල තියෙන නඩු තීන්දුවත් දීල තියෙන්නේ ඒරොෆ්ලොට් සමාගමට. මොස්කව් නුවර තියෙන මූලස්ථානයට. අදාල පිස්කල්වරයා සිතාසිය දිය යුත්තේ මොස්කව් නුවර තියෙන මූලස්ථානයට. නමුත් ඉතාම කෙටි කාලයකින් නඩුව අහල ඒරොෆ්ලොට් එකට දෙන්න තියෙන නඩු තීන්දුව මේ පිස්කල්වරයා ඉතා කඩිනමින් කටුනායකට ගිහිල්ලා පාලක මැදිරියට දී තිබෙනවා. ඉතිං ඒක තමයි දෙවනි වැරැද්ද.

තුන්වෙනි වැරැද්ද ඒ නඩු තීන්දුවෙ වාරණ නියෝගය දාල තියෙන්නෙ පළවෙනි විත්තිකරු වන ඒරොෆ්ලොට් සමාගමට. නමුත් හරියට බලන්නෙ නැතුව ඒ ගුවන් යානය නවත්ත ගත්ත අපේ නායකයො කියනවා මේක රටවල් දෙකක් අතර ප්‍රශ්ණයක් නෙවෙයි කියල‍. ඒ මොකද අපේ රටේ විදේශ අමාත්‍යාංශය රාජ්‍යතාන්ත්‍රික සංදේශයක් මගින් රුසියාවට දන්වලා තියෙනවා ඕනෑම වෙලාවක ලංකාවට පැමිනෙන ඒරොෆ්ලොට් ගුවන් යානයක් අත්අඩංගුවට ගන්නෙ නැහැයි කියල. ඒ නිසා තමයි රුසියාවෙ ඉන්න අපේ තානාපතිනියව රුසියාවේ විදේශ අමාත්‍යාංශයට කැඳවලා ඔවුන් දැඩි අප්‍රසාදය පලකරලා තියෙන්නේ.

මේ රට ගැන අංශු මාත්‍රයකවත් ආදරයක් තියෙන කිසි කෙනෙක් මේ වගේ දෙයක් කරන්නේ නැහැ. අපි දන්නවා අපේ රටේ 17% ක් තේ අපනයනය කරන්නේ රුසියාවට. ඒ වගේම සංචාරකයො දහස් ගානක් ලංකාවට එන්නේ රුසියාවෙන්. අපේ දරුවෝ දහස් ගානක් රුසියාවේ ඉගෙන ගන්නවා. ඒ වගේම තමයි ජිනිවා නුවර අපේ රටට විරුද්ධව එන හැම යෝජනාවකටම අපේ සහායට හිටියේ රුසියාව. එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේදී නිශේධ බලය පාවිච්චි කරල අපේ සහායට හිටියේ රුසියාව සහ චීනය පමණයි. ඒ නිසා මේක ඕනෑකමින් අපේ රටේ මිත්‍රත්වය පළුදු කරලා අපේ රටට දෙන්න තිබුණු සහාය නවත්තන්න කරපු ඉතාම කූඨ වෑයමක්.

රුසියාව මේ සම්බන්ධයෙන් වන්දි ඉල්ලුවානම් අනිවාර්යයෙන්ම ඒ වන්දි රජය විසින් ලබාදිය යුත්තේ ජනතාවගේ බදු මුදල් වලින් නෙවෙයි. මේ ක්‍රියාවට සම්බන්ධ වෙච්ච සියළුම දෙනාගේ පුද්ගලික වත්කම් වලින් මේ වන්දි ගෙවන්න ඕනේ කියල තමයි මම යෝජනා කරන්නේ.

කුමාර ජයවර්ධන

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version