මුල් පිටුව උණුසුම් පුවත් අඟහරුවාදා තෙක් ගෑස් නෑ

අඟහරුවාදා තෙක් ගෑස් නෑ

0

ලබන අඟහරුවාදා (7) වැනිදා දක්වා ගෑස් බෙදාහැරීම සිදුනොවන බව ලිට්ට්‍රෝ සමාගම නිවේදනය කරනවා.

එබැවින් ඉදිරි තෙදින තුළ ගෑස් ලබා ගැනීමට පොලීම්වල නොසිටන ලෙසයි ලිට්ට්‍රෝ සමාගම ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

පසුගියදා මෙරට පැමිණි නෞකාවේ ගෑස් මේ වනවිට බෙදාහැර අවසන් බවයි එම සමාගම සඳහන් කරන්නේ.

ඒ අනුව ගෑස් මෙට්‍රික්ටොන් 2500ක් රැගත් නෞකාවක් යළි මෙරට ළඟාවන්නේ අනිද්දා දිනයේදීයි.

එම නෞකාවේ ගෑස් අඟහරුවාදා සිට නැවත වෙළෙඳපොළට නිකුත් කරන බවයි ලිට්ට්‍රෝ සමාගම වැඩිදුරටත් පැවසුවේ.

ගනේශ් වීදියබණ්ඩාර

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version