මුල් පිටුව අධ්‍යාපනය ජනප්‍රිය පාසල්වලට සිසුන් ඇතුළත් කරගැනීම තාවකාලිකව අත්හිටුවයි

ජනප්‍රිය පාසල්වලට සිසුන් ඇතුළත් කරගැනීම තාවකාලිකව අත්හිටුවයි

0

පාසල්වලට සිසුන් ඇතුලත් කිරීමේ චක්‍රලේඛය උල්ලංඝනය කර ඉකුත් වසර එකහමාරක කාලය තුළ ජනප්‍රිය පාසල්වලට සිසුන් විශාල පිරිසක් ඇතුළත් කර ඇතැයි අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා පැවැසීය.

ඒ සම්බන්ධයෙන් විගණන පරීක්ෂණයක් සිදුකරන බවද අධ්‍යාපන ඇමැතිවරයා කීය.

එම විගණනය අවසන් කරන තෙක් කිසිදු සිසුවකු ජනප්‍රිය පාසල්වලට ඇතුලත් කිරීමට කටයුතු නොකරන බවද ඔහු කීය.

එම නිසා සිසුන් ජනප්‍රිය පාසල්වලට ඇතුලත් කිරීම සම්බන්ධයෙන් කිසිදු ඉල්ලීමක් නොකරන්නැයි දෙමව්පියන්ගෙන් ඉල්ලා සිටින බවද අධ්‍යාපන ඇමැතිවරයා කීය.

සොනාල් සිල්වෙස්ටර්

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version