මුල් පිටුව උණුසුම් පුවත් නව යුද්ධ හමුදාධිපති ජනපති හමුවෙයි

නව යුද්ධ හමුදාධිපති ජනපති හමුවෙයි

0

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 24 වන යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ නව ධූරයේ රාජකාරි භාරගැනීමෙන් අනතුරුව අද (02) දින පෙරවරුවේ ජනාධිපති මන්දිරයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා හමුවිය.

මෙම හමුව අතරතුරදී, ජනාධිපතිතුමන් නව ධූරයේ රාජකාරි භාරගත් යුද්ධ හමුදාධිපතිතුමන් වෙත සුබපැතුම් එක්කිරීමෙන් අනතුරුව සුහද අදහස් හුවමාරුවක නිරත විය.

මෙම සුහද හමුව සමාප්තියේ, ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ මෙම හමුවීම සංකේතවත් කරමින් ජනාධිපතිතුමන් වෙත සමරු තිළිණයක් ප්‍රදානය කරන ලදී.

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version