මුල් පිටුව උණුසුම් පුවත් අක්‍රිය ණය ගැන මහජන බැංකුවෙන් පැහැදිලි කිරීමක්

අක්‍රිය ණය ගැන මහජන බැංකුවෙන් පැහැදිලි කිරීමක්

0

අක්‍රිය ණය නැවත අයකර ගැනීමට උපරිම ක්‍රියාමාර්ග ගන්නා බව මහජන බැංකුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

මහජන බැංකුවේ අක්‍රීය ණය පිළිබඳව කළ කරුණු පැහැදිලි කරමින් එම බැංකුව නිකුත් කළ නිවේදනයේ සඳහන් වන්නේ අක්‍රීය ණය යනු නියමිත කාල සීමාවක් සඳහා නිසි පරිදි මූලික ණය පොලී ගෙවීම් සිදුකර නොමැති ණය වන බවය.

එම ණය කිසිවිටෙකත් කපා හැරීමක් සිදු කරන්නේ ඇති අතර එලෙස කරනු ලබන්නේ ණය අය කර ගැනීමට ගත හැකි උපරිම ක්‍රියාමාර්ග ගැනීමෙන් පසුව පමණක් බවද එම නිවේදනයේ සඳහන් වේ.

යම් ණයක් අක්‍රිය වත්කමක් ලෙස වර්ගීකරණය කරන විට පසු පසුවිපරම් සාකච්ඡා, වෙන්දේසි කිරීම් සහ නඩු පැවරීම් මගින් එම ණය නැවත අයකර ගැනීමට මහජන බැංකුව උපරිම ක්‍රියාමාර්ග ගන්නා බවට එම නිවේදනය සඳහන් වේ.

බැංකුවේ අක්‍රීය ණය කළඹ සමන්විත වන්නේ පසුගිය දශක දෙකකට අධික කාලයක් තුළදී ලබා ඇති විවිධ ණය පහසුකම්වලිනි.

පසුගිය දිනවල මාධ්‍යයන්හි කතාබහට ලක් වූ කිසිදු ණය මුදලක් කපා හැර නැති බවද එම නිවේදනයේ සඳහන් වේ.

මෙරට බැංකු පද්ධතිය තුළ මහජන බැංකුවේ අක්‍රිය වත්කම් ප්‍රතිශතය සාධනීය තත්ත්වයක පවතින අතර සිය ගනුදෙනුකරුවන්ගේ තැන්පතු සඳහා අසමසම ආරක්ෂාවක් සපයන සපයන වගකිවයුතු වගකිවයුතු මූල්‍ය සේවා සපයන්නෙකු ලෙස මහජන බැංකුව අක්‍රීය වත්කම් අයකර අයකරගැනීම ප්‍රමුඛ කාර්යයක් ලෙස සලකන බව එම නිවේදනය නිවේදනය වැඩිදුරටත් සඳහන් වේ.

සොනාල් සිල්වෙස්ටර්

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version