මුල් පිටුව උණුසුම් පුවත් මුල්ලේගමදී ද්විත්ව ඝාතනයක්

මුල්ලේගමදී ද්විත්ව ඝාතනයක්

0

නවගත්තේගම පොලිස් වසමේ මුල්ලේගමදී සහෝදරියක් සහ සහෝදරයෙක් පිහියකින් ඇන ඊයේ රාත්‍රීයේ ඝාතනය කර තිබේ.

එම ඝාතනය කර ඇත්තේ සහෝදරියගේ සැමියා විසිනි.

සහෝදරිය සහ ඇගේ සැමියා අතර පවුල් ආරවුලක් මත ගැටුමක් ඇතිවී ඇති අතර එය සමතයකට පත්කිරීමට ඇගේ වැඩිමහල් සහෝදරයා පැමිණි අවස්ථාවේදී සැමියා ඔහුට මුලින්ම පිහියෙන් ඇණ ඝාතනයකර ඇති බව පොලීසිය සඳහන් කරයි. අනතුරුව ඔහු සිය බිරිඳටද පිහියෙන් ඇන ඝාතනයකර ඇතැයි පොලීසිය පවසයි.

මෙහිදී සැමියාද තුවාල ලබා ඇති අතර ඔහු ආණමඩුව රෝහලට ඇතුලත්කර තිබේ

ඝාතනය වූ සහෝදරයා 32 හැවරදි වියේ පසුවන්නෙක් වන අතර සහෝදරිය 25 වන වියේ පසුවූ තැනැත්තියකි.

පොලීසිය සඳහන්කරනු ලැබුනේ ඝාතනයට යොදාගත් පිහියද සොයාගෙන ඇති බවය.

කුමාර ජයවර්ධන

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version