ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා මැයි මස 31 වන දින යුද්ධ හමුදාධිපති ධූරයෙන් නික්මයාමෙන් අනතුරුව නව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ලෙස ලබන ජුනි 1 වන දින සිට රාජකාරි භාර ගැනීමට නියමිත ය.
ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මෙම ධූරයට පත්වන විට වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ලෙස කටයුතු කරමින් සිටියේය.
මේ අතර, වත්මන් යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී ලෙස රාජකාරි හොබවන මේජර් ජෙනරල් විකුම් ලියනගේ මහතා ජූනි මස 01 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි නව යුද්ධ හමුදාධිපතිවරයා ලෙස ධූරයේ රාජකාරි භාරගැනීමට නියමිතය.