මුල් පිටුව උණුසුම් පුවත් මැතිව්ස් හා චන්දිමාල්ගෙන් ශතක

මැතිව්ස් හා චන්දිමාල්ගෙන් ශතක

0

සත්කාරක බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව මිර්පුර්හි දෙවැනි ටෙස්ට් තරගයේ සිවුවැනි දිනයට අද(26) මුහුණ දෙන ශ්‍රී ලංකා කණ්ඩායමේ ඇන්ජලෝ මැතිව්ස් සහ දිනේෂ් චන්දිමාල් ශතක වාර්තා කිරීමට සමත්වූහ.

බංග්ලාදේශ පළමු ඉනිම ලකුණු 365කට සීමා කළ ශ්‍රී ලංකා කණ්ඩායම සිය පිළිතුරු ඉනිම ක්‍රීඩා කරමින් දැනට කඩුලු 5ක් දැවී ලකුණු 425ක් ලබා සිටියි.

ඇන්ජලෝ මැතිව්ස් පන්දු දෙසීය අනූ හතරකදී හතරේ පහරවල් හතක් සමඟ නොදැවී ලකුණු 106ක් ලබා සිටින අතර දිනේෂ් චන්දිමාල් පන්දු එකසිය අසූ තුනකදී නොදැවී ලකුණු 104ක් ලබා සිටියි. චන්දිමාල්ගේ ඉනිමට හතරේ පහර 9ක් ඇතුළත්ය.

බංග්ලාදේශයට එරෙහිව ටෙස්ට් තරගයකදී පළමු ඉනිමේ සහ දෙවැනි ඉනිමේ ලකුණු සියයක් වර්තා කළ 8වැන්නා වීමට ඇන්ජලෝ මැතිව්ස් අද දින සමත් වූ අතර, මෙම දස්කම ඔවු විසින් වාර්තා කළ තෙවැනි අවස්ථාව ද මෙය වේ. මෙයට පෙර ඇන්ජලෝ මැතිව්ස් 2014දි එංගලන්තයට එරෙහිවත්, 2015දි ඉන්දියාවට එරෙහිවත් මෙවැනිම දස්කමක් දැක්වූවේය.

ශ්‍රී ලංකාව මේ වනවිට බංග්ලාදේශයට වඩා ලකුණු 61ක් ඉදිරියෙන් සිටියි.

රමේෂ් වරල්ලෙගම

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version