මුල් පිටුව උණුසුම් පුවත් රාජ්‍ය සේවකයන් කැඳවීම සීමා කරන චක්‍රලේඛය නිකුත් වෙයි

රාජ්‍ය සේවකයන් කැඳවීම සීමා කරන චක්‍රලේඛය නිකුත් වෙයි

0

පවතින සම්පත් හිඟය මත රාජ්‍ය වියදම් අවම කර ගැනීම සඳහා රාජ්‍ය ආයතනවල කාර්ය මණ්ඩල කැඳවීම සීමා කිරීමට ගත් තීරණයට අදාළ චක්‍රලේඛය නිකුත් කර තිබේ.

ඉන්ධන සපයා ගැනීම සම්බන්ධයෙන් මතුව ඇති ගැටලු හේතුවෙන් පොදු සහ පෞද්ගලික ප්‍රවාහන සේවා නිසි පරිදි ක්‍රියාත්මක නොවීම මත රජයේ නිලධාරීන්ට සේවයට වාර්තා කිරීමට දුෂ්කරතාවන්ට මුහුණ දීමට සිදුව ඇත.

ඒ සම්බන්ධයෙන් ඉදිරිපත්ව ඇති කරුණු සැළකිල්ලට ගනිමින් රජයේ කාර්යාලවලින් ජනතාවට ඉටු වන කාර්යයන්ට බාධාවක් නොවන ලෙස රජයේ නිලධාරීන් සේවයට කැදවීම සීමා කිරීමට තීරණය විය.

ඒ අනුව නැවත උපදෙස් ලබාදෙන තෙක් අත්‍යවශ්‍යම අවම නිලධාරීන් පිරිසක් පමණක් සේවයට කැදවීමට සුදුසු වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන ලෙසයි රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ ලේකම් එම් එම් පී කේ මායාදුන්න මහතා දැනුම් දී ඇත.

ඊට අදාළ චක්‍රලේඛය මේ වන විට අමාත්‍යාංශ ලේකම්වරුන්ට, පළාත් ප්‍රධාන ලේකම්වරුන්ට හා දෙපාර්තමේන්තු ප්‍රධානීන්ට යවා තිබෙන අතර පහත දක්වෙන්නේ එම චක්‍රලේඛයයි.

1653476383-10-2022-s
සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version