මුල් පිටුව උණුසුම් පුවත් කළහකාරී සිද්ධි නිසා ඉන්ධන පිරවුම්හල් 40ක් වසාදමයි

කළහකාරී සිද්ධි නිසා ඉන්ධන පිරවුම්හල් 40ක් වසාදමයි

0

දිවයින පුරා ඉන්ධන හල් 40 ක් පමණ මේවනවිට වසා දමා තිබෙන බව ඛණිජතෙල් බෙ⁣ඳෙුම්කරුවන්⁣ගේ සංගමය පවසයි.

එම සංගමයේ සමලේකම් කපිල නාඔටුන්න මහතා සඳහන් කළේ පාරිභෝගිකයන් විසින් ඉන්ධනහල් සේවකයන් බියවද්දා ඉන්ධන ලබාගැනීමට කටයුතු කිරීම හේතුවෙන් මෙම තත්ත්වය උදාවී ඇති බවයි.

ඉන්ධනහල් කළමනාකරුවන්ට හා සේවකයන්ට පහරදීමේ සිදුවීම් 5ක් දැට වාර්තාවී ඇති බවද හෙතෙම පැවසුවා.

මේ හේතුවෙන් එම ඉන්ධනහල් විසින් ඇණවුම් කරන ලද ඉන්ධන නැවත අවලංගු කර ඇති බවද ඔහු සඳහන් කළා.

ඉන්ධන බෙදාහැරීම ක්‍රමවත්ව සිදුකිරීමට සහය නොලැබෙන්නේ නම් ඉදිරියේදි තවත් විශාල ඉන්ධනහල් ප්‍රමාණයක් වසා දැමෙනු ඇතැයිද ඛණිජතෙල් බෙ⁣ඳෙුම්කරුවන්⁣ගේ සංගමය වැඩිදුරටත් පැවසුවා.

ගනේශ් වීදියබණ්ඩාර

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version