මුල් පිටුව උණුසුම් පුවත් බිලියන 2ක ආහාර – ඖෂධ තොගයක් ඉන්දියාවෙන්

බිලියන 2ක ආහාර – ඖෂධ තොගයක් ඉන්දියාවෙන්

0

රුපියල් බිලියන 2කට අධික වටිනාකමකින් යුත් සහල්, කිරි පිටි සහ ඖෂධ තොගයක් රැගත් නෞකා අද දින කොළඹට පැමිණ තිබේ.

ඒ ඉන්දියාවේ සිටය.

මෙරට පිහිටි ඉන්දීය මහකොමසාරිස් කාර්‍යාලය පැවසුවේ අන්‍යෝන්‍ය උපකාරයේ පණිවුඩයක් ලෙස ඉන්දීය ජනතාවගෙන් ශ්‍රී ලාංකික ජනතාවට මෙම භාණ්ඩ ලද බවයි.

එම භාණ්ඩ ඉන්දීය මහ කොමසාරිස්වරයා විසින් ශ්‍රී ලංකා විදේශ අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මහතාට භාර දී ඇත.

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version