මුල් පිටුව උණුසුම් පුවත් ප්‍රචණ්ඩ ක්‍රියාවලට සැක 1500ක් දැනටමත් අල්ලලා

ප්‍රචණ්ඩ ක්‍රියාවලට සැක 1500ක් දැනටමත් අල්ලලා

0

ගාලුමුවරදොර අරගලකරුවන්ට පහරදීමේ සිදුවීමත් සමඟ රටපුරා ඇතිවුණු නොසන්සුන් තත්ත්වයන් හමුවේ නිවෙස් ගිනි තබමින් දේපොල හානි කරමින් ප්‍රචණ්ඩක්‍රියාවල නිරතවූ 1500ක් අද වන විට අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ නිහාල් තල්දූව මහතා සඳහන් කළේය.

ඒ මේ වන විට ලැබී ඇති ඒ සම්බන්ධයෙන් වූ පැමිණිලි 844කට අදාලවය.

නිහාල් තල්දූව මහතා පවසන්නේ අත්අඩංගුවට ගත් සැකකරුවන් 1500 දෙනා අතරින් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින්නේ 677 දෙනෙක් පමණක් බවය. සෙසු අය පොලිස් ඇප සහ අධිකරණ ඇප මත මුදාහැර ඇති බවද ඔහු පවසයි.

අද උදෑසන 6.00 න් අවසන් වූ පැය 24 තුළ අත්අඩංගුවට ගත් පිරිස 152 දෙනෙක් බවත් ඒ අය අතරින් 101 දෙනෙකුට ඇප ලැබී ඇති බවත 39 දෙනෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බවත් නිහාල් තල්දූව මහතා කීය.

කුමාර ජයවර්ධන

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version