මුල් පිටුව උණුසුම් පුවත් ඉන්දීය අගමැති වෙසක් උත්සවය වෙනුවෙන් ලුම්බිණියට

ඉන්දීය අගමැති වෙසක් උත්සවය වෙනුවෙන් ලුම්බිණියට

0

අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා පසුගියදා (16) අග්‍රාමාත්‍යවරයා වශයෙන් සිය පළමු ලුම්බිණි සංචාරය ඇරඹුවේය.

ඒ එදිනට යෙදුණු බුද්ධ පූර්ණිමා හෙවත් වෙසක් උත්සවය නිමිත්තෙනි.

නේපාල අග්‍රාමාත්‍ය ෂෙර් බහදුර් දෙයුබා මහතාගේ ආරාධනාවක් අනුව මෝදි මහතා, බුදුන් වහන්සේ උපත ලද ලුම්බිණියේ සංචාරයේ නිරත විය.

ලුම්බිණියේ මායාදේවි විහාරයේ විශේෂ ආගමික වතාවත්වල නිරත වෙමින් මෝදි මහතා . ඉන්දීය සහ නේපාල අග්‍රාමාත්‍යවරු දෙපළ ලුම්බිණිය බුදුන් වහන්සේ උපත ලද ස්ථානය බවට පළමු ශෛලමය සාක්ෂිය වන ඓතිහාසික අශෝක කුළුණ දැක බලා ගත්හ.

ලුම්බිණි ආරාම පරිශ්‍රයේ ඉදි කිරීමට නියමිත බෞද්ධ සංස්කෘතිය සහ උරුමය පිළිබඳ ඉන්දියානු ජාත්‍යන්තර මධ්‍යස්ථානය සඳහා මුල්ගල තැබීමේ උත්සවයට ද අග්‍රාමාත්‍යවරු දෙපළ සහභාගී වූහ. මෙම මධ්‍යස්ථානය නව දිල්ලි ජාත්‍යන්තර බෞද්ධ සම්මේලනයට අයත් භූමි භාගයක ඉදි කරනු ලැබේ. මෙය බෞද්ධ වන්දනාකරුවන් සහ සංචාරකයන් සඳහා ධර්ම ශාලා, භාවනා
මධ්‍යස්ථාන, පුස්තකාල, ප්‍රදර්ශන ශාලා, ආපන ශාලා සහ වෙනත් පහසුකම්වලින් සමන්විත අංග සම්පූර්ණ මධ්‍යස්ථානයකි.

අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා නේපාල රජය විසින් සංවිධානය කරන ලද 2566 වන බුද්ධ ජයන්ති සැමරුම් සඳහා ද සහභාගී විය. මෙහිදී ඔහු භික්ෂූන් වහන්සේලා, සම්භාවනීය අමුත්තන්, නිලධාරීන් සහ බෞද්ධ ලෝකය හා සම්බන්ධ අනෙකුත් පුද්ගලයන් රැසක් සහභාගී වූ උත්සවයක් ද ඇමතීය.

බුදුන් වහන්සේ සමස්ත මනුෂ්‍යත්වය වටහා ගැනීමේ ප්‍රතිමූර්තියක් බව ඔහු මෙහිදී ප්‍රකාශ කළේය.

බොදු හදවත් තුළ ඉන්දියාවට ඇත්තේ අද්විතීය ස්ථානයකි. ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ ජනතාව අතර පවතින අවියෝජනීය සබඳතාවය තුළ බුදු දහමට හිමි වන්නේ කේන්ද්‍රීය ස්ථානයකි. අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා 2017 මැයි මාසයේදී ශ්‍රී ලංකාවේ පැවති 14 වන ජාත්‍යන්තර වෙසක් දින සැමරුමේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ද සහභාගී විය. බෞද්ධ ක්ෂේත්‍රය තුළ දෙරට අතර තිබෙන ශක්තිමත් සබඳතා තවත් සවිමත් කරමින් අග්‍රාමාත්‍ය මෝදි මහතා බොදු සබඳතා ප්‍රවර්ධනය කිරීම සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 15ක ප්‍රදානයක් ප්‍රකාශයට පත් කළේය.

විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්.ජයිශංකර් මහතාගේ ශ්‍රී ලංකා සංචාරය අතරතුර 2022 මාර්තු 28 වන දින මේ සඳහා වන අවබෝධතා ගිවිසුමට අත්සන් තැබිණ. බෞද්ධ විහාරාරාම ඉදිකිරීම/ නවීකරණය කිරීම, ධාරිතා සංවර්ධනය, දෙරට සර්වඥ ධාතු ප්‍රදර්ශනයන් පැවැත්වීම වැනි දේ සඳහා මූල්‍ය සහයෝගය ලබා දීම මෙම ප්‍රදානයේ අරමුණයි.

ශ්‍රී ලංකාවෙන් පිටත් වූ පළමු ජාත්‍යන්තර ගුවන්යානයෙන් දිවයිනේ විවිධ ප්‍රදේශයන් හි භික්ෂූන් වහන්සේලා රැසක් ද බුදුන් වහන්සේ පරිනිර්වාණයට පත් කුසිනාරාව වෙත වැඩම කළහ.

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version