මුල් පිටුව උණුසුම් පුවත් පාර්ලිමේන්තුව හා ඒ අවට ආරක්ෂාව තර කෙරේ

පාර්ලිමේන්තුව හා ඒ අවට ආරක්ෂාව තර කෙරේ

0

පාර්ලිමේන්තුව සහ ඒ අවට ප්‍රදේශවල ආරක්ෂාව අද උදෑසන සිට දැඩිකර තිබේ.

කොළඹින් පිට පළාත්වලින් විශේෂ පොලිස් කණ්ඩායම් පවා මෙම ආරක්ෂක වැඩ පිළිවෙලට කැදවා තිබුණි.

එසේ කැදවා ඇති පිරිස 1000කට වැඩිය. ඊට අමතරව හමුදාවේද සහය මෙම ආරක්ෂක වැඩ පිළිවෙලට සම්බන්ධකරගෙන ඇත. ඒ අනුව පාර්ලිමේන්තුව සහ ඒ අවට ප්‍රදේශවල ආරක්ෂාව සඳහා මේ වන විට 5000 කට වැඩි පිරිසකගෙන් සමන්විත ආරක්ෂාවක් යොදාවා ඇති බව පොලිස් තොරතුරු අනාවරණය කළේය.

ඊට අමතරව බුද්ධි අංශ නිලධාරීන් විශාල පිරිසක්ද යොදවා ඇති අතර මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් විශේෂ ආරක්ෂක වැඩ පිළිවෙලක්ද ක්‍රියාත්මක බව උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය.

කුමාර ජයවර්ධන

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version