මුල් පිටුව උණුසුම් පුවත් සාපෙළ සිසුන්ට පණිවුඩයක්‌

සාපෙළ සිසුන්ට පණිවුඩයක්‌

0

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රවේශපත්‍ර සංශෝධනය කර ගැනීම සදහා සඳහා මේ මස 18 වැනි දා මධ්‍යම රාත්‍රි 12 දක්වා අවස්ථාව ලබාදෙන බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

විභාගයට පැමිණි සිටින පාසල් සහ පෞද්ගලික අයදුම්කරුවන් අයදුම්කරුවන්ගේ විභාග ප්‍රවේශපත්‍ර මේ වනවිට තැපැල් කර යවා ඇති අතර එසේ නොලැබුණු අයදුම්කරුවන්ට ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියට පිවිස එම විභාග ප්‍රවේශ පත්‍රයේ පිටපතක් බාගත කර හැකි බවද එහි සඳහන් වේ.

තවද විභාග ප්‍රවේශ පත්‍රයේ යම් සංශෝධන ඇත්නම් ඒවාද මාර්ගගත ක්‍රමය ඔස්සේ සකස් කර ගැනීමට අවස්ථාව සලසා ඇතැයි ද විභාග දෙපාර්තමේන්තුව කියයි.

සොනාල් සිල්වෙස්ටර්

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version