නියෝජ්‍ය කථානායක ධුරය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් සහ සමගි ජන බලවේගයෙන් නම් දෙකක් යෝජනා කිරීමට තීරණය කර තිබේ.
ඒ අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉදිරිපත් කිරීමට නියමිතව ඇත්තේ අජිත් රාජපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ නමය.
සමගි ජන බලවේගය තීරණය කර ඇත්තේ රෝහිනී කවිරත්න මන්ත්‍රීවරියගේ නම යෝජනා කිරීමට ය.