මුල් පිටුව උණුසුම් පුවත් රුසියාව ෆින්ලන්තයට විදුලිය සැපයීම නවතා දමයි

රුසියාව ෆින්ලන්තයට විදුලිය සැපයීම නවතා දමයි

0

රුසියාව විසින් ෆින්ලත්තයට විදුලිය සැපයීම අද (14) සිට නවතා දැමීමට තීරණය කරනු ලැබ තිබේ.

ෆින්ලන්තය විසින් තමන්ට නිසි ලෙස ගෙවීම් සිදුකර නොමැති බව පවසමින් රුසියාව මෙලෙස විදුලි සැපයුම නවතා දැමීමට තීරණය කර ඇති බවද බටහිර මාධ්‍ය වාර්තා කරයි.

රුසියාවේ මෙම තීරණය සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් ෆින්ලන්තය ප්‍රකාශ කර සිටියේ තම රටට අවශ්‍ය විදුලියෙන් රුසියාව සපයනු ලබන්නේ ඉතාම අඩු ප්‍රතිශතයක් බවත් එම ප්‍රමාණය සපුරා ගැනීමට තමන් විකල්ප ප්‍රභව භාවිතා කරන බවත්ය.

මේ අතර ඉකුත් බ්‍රහස්පතින්දා ෆින්ලන්තය විසින් තමන් නේටෝ සාමාජිකත්වය ලබා ගැනීමට සැලසුම් කර ඇති බව ප්‍රකාශ කළ අතර ඒත් සමඟ රුසියාව විසින් තමන් ඊට ප්‍රතිචාර දැක්වීමට පියවර ගන්නා බවට ප්‍රකාශ කළේය.

කෙසේ වෙතත් රුසියානු මාධ්‍ය වාර්තා කරනු ලැබුවේ පරිදි විදුලි සැපයීම නවතා දැමීම සහ ෆින්ලන්තය නේටෝ සංවිධානයට එක්වීමට ගත් තීරණය අතර කිසිඳු සම්බන්ධතාවක් නොමැති බවයි.

ෆින්ලන්තය රුසියාව සමඟ කිලෝමීටර් 1,300 දේශ සීමාවක් බෙදා ගන්නා අතර, සිය අසල්වැසියාට සමඟ මතභේදයක් ඇති වීම වැළැක්වීම සඳහා මීට පෙර නේටෝවෙන් ඉවත්ව සිටියේය. කෙසේ වෙතත්, රුසියාව යුක්රේනය ආක්‍රමණය කිරීමෙන් පසු නේටෝ සාමාජිකත්වය සඳහා මහජන සහයෝගය ඉහළ ගොස් තිබේ.

වාසල සේනාරත්න

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version