මුල් පිටුව උණුසුම් පුවත් ආහාර නාස්තිය හැකිතාක් අඩු කරන්න

ආහාර නාස්තිය හැකිතාක් අඩු කරන්න

0

ඉන්ධන පොහොර සහ වෙනත් අත්‍යාවශ්‍ය යෙදවුම් හිඟය හේතුවෙන් යල කන්නයේ බෝග වගාව ඉතා අඩු මට්ටමකට පත්ව ඇතැයි ඇතැයිද ඒ හේතුවෙන් ඉදිරියේ දී අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍යවල දැඩි හිඟයක් ඇතිවිය හැකි යැයිද ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තය උදෙසා වූ විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ එකමුතුව අනතුරු අඟවයි.

යල කන්නය අසාර්ථක වීමෙන් සහල් සහ වෙනත් ධාන්‍ය වර්ගත් එළවළු, පලතුරු, බිත්තර මස් වැනි අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යයත් සැලකිය යුතු ලෙස හිඟයක් දක්නට ලැබෙන බව එම ආචාර්යවරුන්ගේ එකමුතුව කියයි.

තවද මීළඟ මහ කන්නයේ දී බිත්තර වී හිඟයක් ඇති විය හැකි හෙයින් මහා කන්නයේ ද අස්වැන්න අඩුවී ආහාර හිඟය තවදුරටත් උග්‍ර වන බව එම ආචාර්යවරුන්ගේ සංගමය සඳහන් කරයි.

එබැවින් දේශීය පරිභෝජනය සහ අපනයනය පුළුල් කිරීම සඳහා ශ්‍රි ලංකාවේ කෘෂිකර්මාන්තය ක්ෂේත්‍රයේ නිෂ්පාදනයක් ඇතුළු අගයක කිරීමේ දාමය නැවත යථා තත්ත්වයට පත්කිරීමේ වැඩපිළිවෙළක් කඩිනමින් ස්ථාපිත කරන්නැයි ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බවද ආචාර්යවරුන්ගේ සංගමය සඳහන් කරයි.

රටේ ජනතාව ද කෘෂිකාර්මික ආහාර සහ අපනයන ඉලක්ක කර ගත් බෝග නිෂ්පාදන කටයුතුවලට පූර්ණ සහාය දිය යුතු අතර ආහාර නාස්තිය අවමකර ගත යුතු බවද ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තයේ සුරැකීම සඳහා වූ විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ එකමුතුව වැඩිදුරටත් සඳහන් කරයි.

සොනාල් සිල්වෙස්ටර්

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version