මුල් පිටුව special හදිසි නිතීය තිබුණත් රජය තීරණ ගනිද්දී කළ යුතුම දෙයක් ගැන මිෂෙල් මතක්...

හදිසි නිතීය තිබුණත් රජය තීරණ ගනිද්දී කළ යුතුම දෙයක් ගැන මිෂෙල් මතක් කරයි

0
U.N. High Commissioner for Human Rights Michelle Bachelet attends a news conference at the United Nations in Geneva, Switzerland, December 5, 2018. REUTERS/Denis Balibouse - RC17E8ED8670

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් කවුන්සිලයේ මහ කොමසාරිස් මිෂෙල් බැචලෙට් මහත්මිය විසින් මෙරට තුල සිදුවන ප්‍රචණ්ඩ ක්‍රියා වැලැක්වීම සඳහාත් දේශශපාලන ආධාරකරුවන් විසින් ගාලුමුවදොර විරෝධතාකරුවන්ට එල්ල කළ ප්‍රහාරය සම්බන්ධයෙන් කඩිනමින් නීතිමය පියවරගන්නා ලෙස බලධාරීන්ගෙන් ඉල්ලා තිබේ.

ජගත් මානව හිමිකම් කවුන්සිලය විසින් අද දින විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර ඇත. ඒ අනුව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාලය මෙරට තත්ත්වය පිළිබඳව සමීපව නිරීක්‍ෂණය කර වාර්තා කරන බවද එහි සඳහන් කර ඇත.

එහිදී මහ කොමසාරිස්වරිය මෙසේ අදහස් දක්වා ඇත.

“මැයි 9 වෙනිදා කොළඹදී සාමකාමී විරෝධතාකරුවන්ට දේශපාලන ආධාරකරුවන් පහර දීමෙන් පසු ශ්‍රී ලංකාවේ ප්‍රචණ්ඩත්වය උත්සන්න වීම සහ පසුව ආණ්ඩු පක්ෂයේ සාමාජිකයින්ට එරෙහිව ඇති වූ මැර ප්‍රචණ්ඩත්වය පිළිබඳව මම දැඩි ලෙස කනස්සල්ලට පත්ව සිටිමි.

මම සියලු ප්‍රචණ්ඩත්වය හෙළා දකින අතර සිදුවී ඇති සියලුම ප්‍රහාර ස්වාධීනව, පූර්ණ වශයෙන් සහ විනිවිදභාවයෙන් විමර්ශනය කරන ලෙස බලධාරීන්ගෙන් ඉල්ලා සිටිමි. ප්‍රචණ්ඩත්වය උසිගන්වන හෝ සංවිධානය කරන අය ඇතුළුව වගකිව යුතු අයට එරෙහිව නිසි පියවර ගන්නා බවට සහතික කිරීම ඉතා වැදගත් වේ.

ආරක්ෂක අංශ වලට සහය දැක්වීම සඳහා යොදවා ඇති හමුදා නිලධාරීන් ඇතුළු බලධාරීන්, තත්ත්වය පාලනය කිරීමේදී සංයමයකින් ක්‍රියා කළ යුතු අතර, හදිසි නිතීය පනවා ඇති තත්තවයකදී වුවද ගනු ලබන ක්‍රියාමාර්ග ජාත්‍යන්තර මානව හිමිකම් ප්‍රමිතීන්ට අනුකූල වන බවට සහතික විය යුතු අතර, සාමකාමී විරෝධතාවලට බාධා කිරීමට භාවිතා නොකළ යුතුය.

එසේම ජීවත්වීමට ඇති අයිතිය තහවුරු කිරීමට සහ පුද්ගලික පුද්ගලයන් හෝ ආයතන විසින් සිදුකරන ප්‍රචණ්ඩත්වයට එරෙහිව පුද්ගල ජීවිත ආරක්ෂා කිරීමට නිසි සැලකිල්ලක් දැක්වීමට රජයට වගකීමක් ඇත.

දරුණු ආර්ථික අර්බුදය බොහෝ ශ්‍රී ලාංකිකයන්ගේ දෛනික ජීවිතය අරගලයක් බවට පත් කර ඇත. එය ජාතික සංවාදයක් සහ ගැඹුරු ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ අවශ්‍ය වේ.

විශේෂයෙන් අවදානමට ලක්විය හැකි කණ්ඩායම් මුහුණ දෙන සමාජ-ආර්ථික අභියෝග සඳහා ඉදිරි මාවතක් සොයා ගැනීමට සහ ඒවාට විසඳුම් සෙවීම සඳහා සමාජයේ සියලුම කොටස් සමඟ අර්ථවත් සංවාදයක නිරත වන ලෙස මම ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටිමි. දිගු කලක් තිස්සේ වෙනස් කොට සැලකීම සහ මානව හිමිකම්වලට වල කැපීමට හේතු වී ඇති පුළුල් දේශපාලන හා පද්ධතිමය මූල හේතුන් විසඳීමට මම රජයෙන් ඉල්ලා සිටිමි. “

වාසල සේනාරත්න

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version