මුල් පිටුව උණුසුම් පුවත් චීනයේ Zhurong අඟහරු රෝවරය පවතින ප්‍රදේශයට සිසිරය උදාවෙයි

චීනයේ Zhurong අඟහරු රෝවරය පවතින ප්‍රදේශයට සිසිරය උදාවෙයි

0

අඟහරු ග්‍රහයා මත, චීනයේ Zhurong අඟහරු රෝවරය ස්ථානගත කර ඇති ප්‍රදේශයට ශීත ඍතුව උදාවෙයි. චීන ජාතික අභ්‍යවකාශ පරිපාලන, චන්ද්‍ර ගවේෂණ සහ අභ්‍යවකාශ ඉංජිනේරු මධ්‍යස්ථානය මේ බව හෙළි කළේය.
අඟහරුගේ භ්‍රමණ කාලය පෘථිවියේ කාලයට ආසන්න බැවින්, පෘථිවිය මෙන්ම අඟහරු ද දිවා රාත්‍රී කාලවලින් සහ සෘතු භේදයෙන් සමන්විත ග්‍රහයෙකි.

Zhurong අඟහරු රෝවරය නිර්මාණය කර ඇත්තේ, ස්වයංක්‍රීය නිද්‍රාශීලිත්ව වැනි තාක්ෂණික මාදිලි සහිතවයි. ඒ අනුව, ශක්තිය යම් මට්ටමකට අඩු වූ විට, එය ස්වයංක්‍රීයව නිද්‍රාශීලී තත්ත්වයට පිවිසේ. පාරිසරික තත්ත්ව ක්‍රමයෙන් යහපත්වූ පසු එය යළි සක්‍රිය වෙයි.

NewsWave බීජිං වාර්තාකරු

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version