මුල් පිටුව උණුසුම් පුවත් ස්වාධීන වූ මන්ත්‍රීලාගෙන් සජිත්ට ලියුමක්

ස්වාධීන වූ මන්ත්‍රීලාගෙන් සජිත්ට ලියුමක්

0

රජයට එරෙහිව ඉදිරිපත් කර තිබෙන විශ්වාසභංග යෝජනාව සම්මත වී ආණ්ඩුව ඉවත්වීමෙන් පසු ක්‍රියාත්මක කිරීම සඳහා විකල්ප යෝජනා ඉදිරිපත් කරමින් ස්වාධීන වූ මන්ත්‍රී කණ්ඩායම්වල මන්ත්‍රීවරුන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට ලිපියක් යොමු කර තිබේ.

එහි යෝජනා දෙකක් ඉදිරිපත් කර ඇති අතර , එම ලිපියට මෛත්‍රිපාල සිරිසේන , වාසුදේව නානායක්කාර, අනුර ප්‍රියදර්ශන යාපා, විජයදාස රාජපක්ෂ යන මන්ත්‍රීවරුන් අත්සන් තබා ඇත.

මේ වන විට මහ නායක හිමිවරුන් ප්‍රමුඛ ආගමික නායකයින් වෘත්තීය සංවිධානද ව්‍යාපාරික ප්‍රජාවද වෘත්තීය සමිතිද, තරුණ ක්‍රියාකාරීන්ද, අනුමත කර ඇති , අප විසින් යෝජනා කළ සර්ව පාක්ෂික ජාතික එකඟතා ආණ්ඩුවට සමගි ජන බලවේගයද දායක වීම එහි එක් කොන්දේසියකි.

එමෙන්ම අනෙකුත් දේශපාලන බලවේග සමග කටයුතු කිරීමට සමගි ජන බලවේගය අකමැති නම් විශ්වාස භංග යෝජනාව ඉදිරිපත්කළ සමගි ජන බලවේගය විසින් ආණ්ඩුව භාර ගතයුතුයි යන්න අනෙක් කොන්දේසියයි.

ඒ අනුව විශ්වාසභංගයට සහය දීම සම්බන්ධයෙන් තීරණය කිරීම සඳහා මෙම යෝජනා අතරින් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන විකල්පය කුමක්දැයි යන්න දන්වන මෙන් ස්වාධීනය මන්ත්‍රීවරුන් පිරිස සමඟි ජනබලවේගයන් විමසා තිබේ.

එම ලිපිය පහතින්.

ගනේශ් වීදියබණ්ඩාර

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version