රඹුක්කනදී පැවති උද්ඝෝෂණයේ රැදී සිටි පිරිස් විසුරුවා හැරීමට වෙඩි තැබීමට අණදුන් කෑගල්ල කොට්ඨාශය භාරව සිටි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා සහ එම නියෝගයට අනුව වෙඩි තැබීමට සම්බන්ධ වූ නිලධාරීන් අත්අඩංගුවට ගන්නා ලෙස කෑගල්ල අධිකරණය විසින් පොලිස්පතිවරයාට නියෝග කළේය.
කෑගල්ල මහේස්ත්‍රාත් වාසනා නවරත්න මහත්මිය එම නියෝගය කළේ, ඊට අදාළ නඩුව අද (27) විභාගයට ගත් අවස්ථාවේදීය.