අද ඉඳන් බෙදනවා

0

ගෘහස්ථ ගෑස් සිලින්ඩර් අද (27) සිට වෙළඳපොළට නිකුත් කිරීමට පියවර ගන්නා බව ලිට්‍රෝ සමාගම පවසයි.

ඒ අනුව දෛනිකව ගෑස් සිලින්ඩර් ලක්ෂයක් වෙළඳපොළට නිකුත් හැරීමට සැලසුම් කර තිබෙන බව ලිට්‍රෝ සමාගම පවසයි.

එම සමාගම වැඩිදුරටත් සඳහන් කරන්නේ මෙරටට ඊයේ සේන්දු වූ නෞකාවේ තිබූ ගෑස් මෙට්‍රික් ටොන් 3900 ගොඩබෑම මේ වනවිට අවසන් අදියරට ළඟා වි ඇති බවයි.

පසුගිය අප්‍රේල් 12 වැනි සිට ඊයේ දිනය දක්වා ගෘහස්ථ ගෑස් සිලින්ඩර් නිකුත් කිරීම අත්හිටවූ අතර මේ හේතුවෙන් ගෑස් පාරිභෝගිකයෝ දැඩි පීඩාවට පත්ව සිටිති.

ගනේශ් වීදියබණ්ඩාර

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version