මුල් පිටුව උණුසුම් පුවත් බෙහෙත් – ආහාර ගන්න ඉතාලියෙන් මිලියන 125ක්

බෙහෙත් – ආහාර ගන්න ඉතාලියෙන් මිලියන 125ක්

0

ශ්‍රී ලංකාවට අත්‍යාවශ්‍ය ආහාර සහ වෛද්‍ය උපකරණ මිල දී ගැනීම සදහා රුපියල් මිලියන 125ක හදිසි ප්‍රදානයක් ලබාදීමට ඉතාලි රජය තීරණය කරයි.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඉතාලි ද්විපාර්ශවික හදිසි සේවා අරමුදල හරහා යූරෝ 341,115ක් වන එම ප්‍රදානය සිදු කෙරේ.

එමගින් විනිමය අර්බුදය හමුවේ ඖෂධ හිගයකට මුහුණ දෙන ශ්‍රී ලංකාවට ඖෂධ ලබාගැනීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයට සිය සැපයුම්දාම ක්‍රියාවලිය හරහා විදේශීය සැපයුම්කරුවන්ට ඍජුවම ගෙවීම් සිදු කළ හැකි ය.

ආසියානු සුනාමිය ඇතුළු හදිසි අවස්ථාවන්වල දී ඉතාලිය මීට පෙර ද ශ්‍රී ලංකාවට සිය සහයෝගය ලබා දී ඇත.

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version