මුල් පිටුව උණුසුම් පුවත් යළිත් අත්‍යාවශ්‍ය ආහාර මිල පාලනයක්!

යළිත් අත්‍යාවශ්‍ය ආහාර මිල පාලනයක්!

0

අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය සඳහා නැවත මිල පාලනයක් හඳුන්වා දීමට පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍යාංශය පියවර ගනිමින් සිටින බවට වාර්තා ප‍ළවේ.

ඒ සම්බන්ධයෙන් මුදල් අමාත්‍යවරයා සමඟ ලබන සතියේ සාකච්ඡා කිරිමට පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍යාංශය සූදානම් වෙයි.

මිල පාලනය යළි හඳුන්වාදීමට බාධාවක් වී ඇත්තේ අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල අවප්‍රමාණය වීම ය.

සාකච්ඡාවේදී ඒ පිළිබඳව විශේෂ අවධානයක් යොමු කිරීමට ද අපේක්ෂා කෙරේ.

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version