මුල් පිටුව උණුසුම් පුවත් ආර්ථික ස්ථාවරත්වයට සහය දෙන බවට චීන අගමැතිගෙන් සහතිකයක් (📹)

ආර්ථික ස්ථාවරත්වයට සහය දෙන බවට චීන අගමැතිගෙන් සහතිකයක් (📹)

0

ආර්ථික හා සමාජීය සංවර්ධනයේ ස්ථාවරත්වය සඳහා චීනයේ සහාය ශ්‍රී ලංකාවට ලබා දෙන බවට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සමඟ අද (22) පැවති දුරකථන සංවාදයකදී චීන අග්‍රාමාත්‍ය ලී කෙකියැන්ග් (Li Keqiang) මහතා සහතික වූ බව අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය නිවේදනය කරයි.

අදාළ නිවේදනයේ මෙසේ ද සඳහන් වේ.

“ශ්‍රී ලංකාව මුහුණ දෙන දුෂ්කරතා සහ අභියෝග පිළිබඳව චීනයට අවබෝධයක් ඇති බවත් ඒ නිසා ඔබේ රටේ ජනතාවගේ ජීවනෝපාය වැඩිදියුණු කිරීම සඳහා අප උපරිමයෙන් කටයුතු කරන බවත් චීන අග්‍රාමාත්‍ය ලී කෙකියැන්ග් මහතා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට පැවසීය.

ශ්‍රී ලංකාව දැනට මුහුණ දී සිටින හදිසි මූල්‍ය ගැටලු කිහිපයක් විසඳීමට චීනය ශ්‍රී ලංකා රජය සමඟ එක්ව කටයුතු කරන බවට ද චීන අග්‍රාමාත්‍යවරයා මෙහි දී සහතික විය.

නිදහස් වෙළඳ ගිවිසුම පිළිබඳව කඩිනමින් සාකච්ඡා පැවැත්වීම, ශ්‍රී ලංකාවේ වෙළඳ හිඟය අවම කිරීම සහ වැඩි වශයෙන් චීන සංචාරකයන් ආකර්ෂණය කිරීම සම්බන්ධයෙන් දෙරටේ අග්‍රාමාත්‍යවරුන් අතර පැවති මෙම දුරකථන සංවාදයේදී සාකච්ඡාවට ලක්විය.

“දෙරට අතර මිත්‍රත්වය අඛණ්ඩව පවත්වාගෙන යමින් පවතින සබඳතාව ප්‍රවර්ධනය කිරීම සඳහා ඉදිරියටත් අපි එක්ව වැඩ කරනවා” යැයි චීන අග්‍රාමාත්‍යවරයා මෙහිදී පැවසීය.

“මේ මොහොතේ ඔබ මුහුණ දෙන දුෂ්කරතා පිළිබඳව අපට හැඟීමක් තිබෙනවා.එම දුෂ්කරතා මගහැරීම වෙනුවෙන්ද අපි එක්ව කටුයතු කරනවා”යැයි චීන අග්‍රාමාත්‍ය ලී කෙකියැන්ග් මහතා කියා සිටියේය.

චීන රජය විසින් මෑතකදී ප්‍රකාශයට පත්කළ මෙරට වෙනුවෙන් පිරිනමන මානුෂීය ආධාර සහ අඛණ්ඩ සහයෝගීතාව වෙනුවෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙහිදී චීන රජයට සිය ස්තූතිය පුද කළේය.

රමේෂ් වරල්ලෙගම

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version