මුල් පිටුව COVID මාස්ක් යළිත් අනිවාර්ය කෙරේ

මාස්ක් යළිත් අනිවාර්ය කෙරේ

0

මුහුණු ආවරණ පැළඳීම අද (21) සිට යළි අනිවාර්ය කළ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වරයා තීරණය කර තිබෙනවා.

නිවේදනයක් නිකුත් කරමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසන්නේ රටපුරා තැන තැන ජනතාව ඒකරාශීවීම හේතුවෙන් මෙම තීරණය ගත් බවයි.

මේවනවිට ර⁣ටපුරාම සිදුවන විරෝධතාවලදී ජනතාව මුහුණු ආවරණ නොපැළඳ සිටීම හේතුවෙන් නැවත කොරෝනා ⁣වයිරස ව්‍යාප්ත වීමේ වැඩි ඉඩකඩක් පවතින බවද ඔහු අවධාරණය කර සිටී.

සෞඛ්‍ය අමාත්‍ය මහාචාර්ය ජන්න ජයසුමන මහතා විසින් මුහුණු ආවරණ පැළඳීම අනිවාර්ය නොවන බව පසුගිය 18 වැනිදා ප්‍රකාශ කළේ ය.

ගනේශ් වීදියබණ්ඩාර

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version