මුල් පිටුව උණුසුම් පුවත් රඹුක්කන වෙඩිතැබීම ගැන පොලීසියෙනුත් විමර්ශනයක්

රඹුක්කන වෙඩිතැබීම ගැන පොලීසියෙනුත් විමර්ශනයක්

0

රඹුක්කනදී පොලිස් වෙඩි පහරකින් පුද්ගලයෙක් මිය යාම සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් යටතේ පොලිස් නිලධාරීන් 20 දෙනෙකුගේ කණ්ඩායමක් විසින් පරීක්ෂණ කටයුතු මෙහෙයවන බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සදහන් කළේය.

ඒ කෑගල්ලේදී අද පැවැති විශේෂ මාධ්‍ය හමුවකදීය.

පොලිස්පතිවරයාගේ අනුමැතිය ඇතිව සබරගමුව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා විසින් මෙම විමර්ශනයට සීතාවක කොට්ඨාශයභාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී වසන්ත කන්දෙවත්ත මහතාවද කැදවා ඇති වවද අජිත් රෝහණ මහතා පැවැසීය.

එම පොලිස් කණ්ඩායම අද පෙරවරුවේ සිට සිය විමර්ශන කටයුතු ආරම්භකර තිබුණි. රෝහල්ගතව සිටින තුවාලකරුවන්ගෙන්ද ප්‍රකාශ සටහන් කිරීමට එම නිලධාරීන් පියවර ගත්තේය.

සිද්ධිය වූ ස්ථානයට රජයේ රස පරීක්ෂකවරයාව කැදවීමට බලා පොරොත්තුවන බවද අජිත් රෝහණ මහතා සඳහන් කළේය.

මෙම සිදුවීම සම්බන්ධයෙන් මුල සිට සියළු වීඩියෝ සාක්ෂි පවා රැස් කිරීමට පොලීසිය පියවර ගන්නා බවත් ඒ සඳහා විවිධ මාධ්‍ය ඔස්සේ සංසරණය වන ආරක්ෂක කැමරා දර්ශන මෙන්ම ජංගම දුරකතන වීඩියෝ දර්ශනද යොදා ගන්නා බව ඔහු කීය.

කුමාර ජයවර්ධන

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version