මුල් පිටුව උණුසුම් පුවත් ආහාර විෂවීමකින් ඇගළුම් සේවකයින් 325ක් රෝහල්ගත කෙරේ

ආහාර විෂවීමකින් ඇගළුම් සේවකයින් 325ක් රෝහල්ගත කෙරේ

0

කොග්ගල පිහිටි ඇඟළුම් කර්මාන්ත ශාලාවක සේවකයින් පිරිසක් ආහාර විෂවීමකින් අද උදෑසන සිට ගාල්ල කරාපිටිය රෝහලට විටෙන් විට රැගෙන විත් ඇත.

මේ වන විට සේවකයින් 325 දෙනෙක් පමණ රෝහල්ගතකර ඇතැයි කරාපිටිය රෝහල් තොරතුරු අනාවරණය කළේය.

වමනය, කලාන්තය සහ උදරයේ ආබාධ රෝග ලක්ෂණ ඔවුන්ට ඇතැයි රෝහල් තොරතුරු සඳහන් කළේය.

ඇඟළුම් කර්මාන්ත ශාලා සේවකයින්ට ආහාර පාන එම ඇගළුම් කර්මාන්ත ශාලාවෙන්ම ලැබෙන අතර ඊයේ දහවල් ආහාර වේල හෝ සවස තේ වේලාව තුළ ආහාරයට ගත් මාළු බනිස් විෂ වීමක් මේ තත්ත්වයට මුල්වන්නට ඇතැයි සැකකරන බව පොලීසිය කියයි.

මේ සම්බන්ධයෙන් ගාල්ල පොලීසිය විමර්ශනයක් පවත්වන අතර ඒ සදහා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේද සහය ලබාගෙන තිබේ.

කුමාර ජයවර්ධන

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version