මුල් පිටුව උණුසුම් පුවත් තරුණ පෙම් යුවල දිවිතොර ගැනීමට කලාවැවට පනී

තරුණ පෙම් යුවල දිවිතොර ගැනීමට කලාවැවට පනී

0

පෙම් යුවලක් අද සවස කලා වැවට පැන සිය දිවි හානිකර ගැනීමට උත්සහ දරා තිබේ.

මෙම පෙම් යුවල පනාගොඩ කදවුරේ සේවයේ නිරතව සිටින යුද හමුදා සාමාජිකයින්ය.

පෙම්වතා ලාන්ස් කෝප්‍රල්වරයෙක් වන අතර පෙම්වතිය සාමාන්‍ය සෙබළියකි.

මෙහිදී ගලේවෙල මැදබැද්දේ පදිංචිකරුවෙක් වන 24 වියැති පෙම්වතා මිය ගොස් ඇති අතර පෙම්වතියගේ දිවි ගලවා ගැනීමට ප්‍රදේශවාසීන් සමත්ව ඇත. 22 හැවරදි පෙම්වතිය හෝමාගම පදිංචිකාරියකි.

ඔවුන් දෙදෙනා කලාවැවට පැන ඇත්තේ සාමාන්‍ය ජනතාවට ඇතුළුවීමට තහනම් යැයි සඳහන්ව පුවරු සවිකර ඇති ප්‍රදේශයකින් බව ඉපලෝගම පොලීසිය සඳහන් කරයි.

කුමාර ජයවර්ධන

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version