මුල් පිටුව උණුසුම් පුවත් IMF සාකච්ඡා සඳහා මෙරට කණ්ඩායමක් අමෙරිකාවට යන්න සූදානම්

IMF සාකච්ඡා සඳහා මෙරට කණ්ඩායමක් අමෙරිකාවට යන්න සූදානම්

0

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවර මට්ටමට ගෙන ඒම සඳහා සහය ලබාගැනීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ලබන 18 වැනිදා සාකච්ඡා ආරම්භ කරන බව මුදල් අමාත්‍ය අලි සබ්රි මහතා පවසයි.

ඒ සඳහා මුදල් අමාත්‍යවරයා, මහබැංකු අධිපතිවරයා ඇතුළු නිලධාරීන් පිරිසක් අමෙරිකාවේ වොෂින්ටනය බලා පිටත්වීමට නියමිතය.

මේ අතර රජයට ජාත්‍යන්තර ණය ප්‍රතිව්‍යුහගත කිරීමට උපකාර කිරීම සඳහා මූල්‍ය හා නීති උපදේශකයින් දින 21 ක් ඇතුළත තෝරා ගැනීමට අවශ්‍ය මූලික පියවර ද ගෙන තිබේ.

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version