මුල් පිටුව උණුසුම් පුවත් සති අන්තයේ විදුලි කප්පාදුව අඩුවෙයි

සති අන්තයේ විදුලි කප්පාදුව අඩුවෙයි

0

මේ සති අන්තයේදී හෙට (09) පැය 2ක කාලයක් සහ අනිද්දා (10) පැයක කාලයක් විදුලි කප්පාදු කිරිමට මහජන උපයෝගීතා කොමිසම අවසර දී තිබේ.

ඒ අනුව 9 වැනි සෙනසුරාදා දින A සිට L දක්වා වන කලාප සඳහා පස්වරු 3 සිට රාත්‍රී 9 දක්වා කාලය තුළ පැය 2ක කාලයක් විදුලිය කප්පාදු කිරිමට නියමිතය.

P සිට W දක්වා වන කලාප සඳහා පස්වරු 3 සිට රාත්‍රී 10 දක්වා පැය දෙකක කාලයක් විදුලි කප්පාදුව සිදුවනු ඇත.

එමෙන්ම ඉරිදා දින A සිට W දක්වා වන කලාප සඳහා පස්වරු 6 සිට රාත්‍රී 10 දක්වා පැයක කාලයක් විදුලි කප්පාදුව සිදුකෙරේ.

ඒ අනුව සති අන්තයේ විදුලි කප්පාදු කාලසටහන පහත දැක්වේ.

E-09-04-2022-Power-Interruption-Schedule-full E-10-04-2022-Power-Interruption-Schedule-full
සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version