මුල් පිටුව දේශීය පුවත් මෙරට සිටින අමෙරිකානුවන්ට එරටින් දැනුම්දීමක්

මෙරට සිටින අමෙරිකානුවන්ට එරටින් දැනුම්දීමක්

0

ශ්‍රී ලංකාවේ ඇමෙරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලය, මෙරට සිටින ඇමෙරිකානු පුරවැසියන්ට සංචාරක උපදේශනයක් නිකුත් කර තිබේ.

ශ්‍රී ලංකාවේ ආර්ථික සහ දේශපාලන අභියෝග සහ තත්ත්ව සම්බන්ධයෙන් සැලකිල්ලෙන් පසුවන්නැයි ද කොළඹ ඇමෙරිකානු තානාපති කාර්යාලය ඇමෙරිකානු පුරවැසියන්ට දැනුම් දී තිබේ.

ශ්‍රී ලංකාවට සංචාරය කිරීමේදී කොවිඩ්-19 වසංගතය, ඉන්ධන සහ ඖෂධ හිඟය සම්බන්ධයෙන් සැලකිලිමත් වන්නැයි ද තානාපති කාර්යාලය ඇමෙරිකානු පුරවැසියන්ට දැනුම් දී තිබේ.

මේ අනුව ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් පනවා ඇති සංචාරකය උපදේශනය තුන්වැනි මට්ටමේ පවතින අතර ත්‍රස්තවාදය සම්බන්ධයෙන් මීට පෙර නිකුත් කළ අනතුරු ඇඟවීම් ද තවදුරටත් ක්‍රියාත්මක බව එහි දැක්වේ.

සොනාල් සිල්වෙස්ටර්

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version