මුල් පිටුව උණුසුම් පුවත් අද පාර්ලිමේන්තුවේදී වෙනස්කම් කිහිපයක්!

අද පාර්ලිමේන්තුවේදී වෙනස්කම් කිහිපයක්!

0

විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් සහිතව අද (05) පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතය.

පාර්ලිමේන්තුව මෙලෙස රැස්වන්නේ රටේ ආර්ථිකය අර්බුදය හමුවේ පාලකයන්ට එරෙහිව රට පුරා ජනතා විරෝධතා පැවැත්වෙන පසුබිමකයි.

ඒ අනුව අද පෙරවරු 10.00 ට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත ය.

ආණ්ඩුව නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවෙන් ඉවත්වීමට තීරණය කර ඇත.

ආණ්ඩුව නියෝජනය කරන තවත් සුළු පක්ෂ කිහිපයක්ද අද පාර්ලිමේන්තුවේදී ස්වාධීනවීමට නියමිත ය.

ආණ්ඩුවේ ඇතැම් මන්ත්‍රීවරු සඳහන් කර තිබුණේ අද ආණ්ඩුවට පාර්ලිමේන්තුව තුළ සිය බහුතරය අහිමි වනු ඇති බවය.

අද දිනයේ මැති සබේ න්‍යාය පත්‍රය මෙසේය.

1648809831025687
සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version