මුල් පිටුව උණුසුම් පුවත් දෛනික අවශ්‍යතාවයට වඩා ගෑස් සිලින්ඩර් 30,000ක් නිකුත්‌ කරනවා – ලීට්‍රෝ

දෛනික අවශ්‍යතාවයට වඩා ගෑස් සිලින්ඩර් 30,000ක් නිකුත්‌ කරනවා – ලීට්‍රෝ

0

ලිට්රෝ ගෑස් මිල ඉහළ දැමීමට කැබිනට් මණ්ඩලයෙන් ඉල්ලීමක් කර ඇතැයි ලිට්රෝ සභාපති තෙෂාර ජයසිංහ මහතා පවසයි.

මේ බව ඔහු සදහන් කරනු ලැබුවේ ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව සදහන් කළේය.

මෙම මිල වැඩිවීම කොපමණ මිලකින් සිදුවන්නේදැයි කිව නොහැකි බව ඔහු පවසයි. එය ආයතනයේ රහස්‍ය තොරතුරු බවත් සති දෙක තුනක් යනතුරු ගෑස් මිල වැඩිවීමක් නොකෙරන බවත් සභාපතිවරයා සදහන් කරයි.

ලිට්රෝ සමාගම මේවන විට රුලියල් බිලියන 4.5 ක පාඩු ලබන බවද ඔහු අවධාරණය කරමින් පවසන්නේ පාඩු ලබන විට ගෑස් ගෙන එන්නේ කෙසේදැයි ප්‍රශ්නයක්ද නගමිනි.

මෙරට දෛනික අවශ්‍යතාවට වඩා ගෑස් සිලින්ඩර් 30,000ක් පමණ මේ වන විට වෙළෙඳ පොළට නිකුත් කරන බව මෙහිදී සභාපතිවරයා සඳහන් කළේය. පසුගිය දින 10 කාලය තුළ මිලියනයකට ආසන්න ගෑස් සිලින්ඩර් ප්‍රමාණයක් ‍නිකුත්කර ඇති බවද ඔහු එහිදී පෙන්වා දුන්නේය.

අප්‍රේල් මාසය සඳහා ගෑස් මෙට්‍රික් ටොන් 30,000ක ඇනවුමක් මේ වන විට සකස්කර ඇති බවද සභාපතිවරයා සඳහන් කරයි.

කුමාර ජයවර්ධන

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version