මුල් පිටුව දේශීය පුවත් උණුසුම් පුවත් අක්ෂි කාච, ස්ටෙන්ට්, ග්ලූකෝස් මාපක ඇතුළු වෛද්‍ය උපකරණ වල මිල ඉහළට

අක්ෂි කාච, ස්ටෙන්ට්, ග්ලූකෝස් මාපක ඇතුළු වෛද්‍ය උපකරණ වල මිල ඉහළට

0

අක්ෂි කාච, පල්ස් ඔක්සිමීටර්, රුධිකර ග්ලූකෝස් මාපක, රුධිකර නාල අවහිරවීමේදී යොදාගන්නා ස්ටෙන්ට් ඇතුළු වෛද්‍ය උපකරණ රැසක් දැනට පවතින මිලට වඩා ඉහළ යමින් උපරිම සිල්ලර මිලක් නියම නියම කරමින් නව ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.

මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේ ඊයේ දිනයේදීය.

ඊට අනුව මෙතෙක් රුපියල් 11,000කට පැවති රුධිකර නාලවල සිදුවන අවහිරතා මඟහරවා ගැනීමට යොදා ගන්නා ලෝහමය වටනේරුවල මිල රුපියල් 49,000 කට ආසන්න ප්‍රමාණයකින් ඉහළ යනු ඇත.

එසේම එම ගැසට් නිවේදනයට අනුව පල්ස් ඔක්සි මීටරයක උපරිම සිල්ලර මිල සඳහන් වන්නේ රුපියල් 3870 කි. එමෙන්ම රුධිරයේ සීනි මට්ටම මැන බලන ග්ලූකෝස් මාපක ඒකකයක මිල රුපියල් 1300 ක් වනු ඇත. එම මාපකවලට භවිතා කරන පරීක්ෂක තීරුවක්ද රුපියල් 23කින් පමණ ඉහළ යනු ඇත.

මෙම ගැසට් නිවේදනයට අනුව වෛද්‍ය උපකරණ බොහොමයක මිල පවතින මිලට වඩා සියයට 29 කින් පමණ ඉහළ යනු ඇත. ඊට වඩා ඉහළ යන උපකරනද තිබේ.

2273-04_S

කුමාර ජයවර්ධන

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version