මුල් පිටුව උණුසුම් පුවත් හෙට පැය 7කට වැඩි විදුලි කප්පාදුවක්

හෙට පැය 7කට වැඩි විදුලි කප්පාදුවක්

0

මෙගාවොට් 300ක තාප ධාරිතාව සඳහා ඉන්ධන නොමැතිකම හේතුවෙන් හෙට (29) විදුලිය විසන්ධි කිරීමේ කාලය වැඩි කරන ලෙස ලංකා විදුලිබල මණ්ඩලය ඉල්ලා තිබේ.

ඒ අනුව හෙට (මාර්තු 29) පැය 7කට අධික විදුලි කප්පාදුවක් මහජන උපයෝගිතා කොමිසම විසින් විසින් අනුමත කරන ලදී.

PQRSTUVW ප්‍රදේශ සඳහා පෙ.ව. 8.30 සිට සවස 6.30 දක්වා පැය 5 කින් සහ පස්වරු 6.30 සිට 15 දක්වා පැය 2 යි විනාඩි 15 ක විදුලි කප්පාදුවක් සිදුකෙරේ.

ABCDEFGHIJKL ප්‍රදේශ සඳහා උදේ 8 සිට සවස 6 දක්වා පැය 5ක් සහ සවස 6 සිට රාත්‍රී 11 දක්වා පැය 2යි විනාඩි 30ක විදුලි කප්පාදුවක් සිදුකෙරෙනු ඇත.

ඒ අනුව හෙට විදුලිය කැපෙන කාලසටහන පහත දැක්වේ.

E-29-03-2022-Power-Interruption-Schedule-full
සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version