මුල් පිටුව උණුසුම් පුවත් අලුත් අවුරුද්දට නිමි ඇඳුම් මිල තවත් ඉහළට

අලුත් අවුරුද්දට නිමි ඇඳුම් මිල තවත් ඉහළට

0

අලුත් අවුරුදු සමය වනවිට දේශීය නිමි ඇඳුම්වල මිල 50% කින් ඉහළ යා හැකි බව සමස්ත ලංකා කුඩා කර්මාන්තකරුවන්ගේ සංගමය පවසයි.

එම සංගමයේ ජාතික සංවිධායක නිරුක්ෂ කුමාර මහතා පෙන්වා දෙන්නේ රුපියල අවප්‍රමාණය වීම හේතුවෙන් මේ වන විටත් රෙදි මිල 35% කින් වැඩි වී ඇති බවයි.

විනිමය අනුපාතය වෙනස් වීම හමුවේ දේශීය ඇගලුම්හල් ලාභ ලැබීම පිළිබඳ විශ්වාසයකින් කටයුතු කිරීමට නොහැකි වීමේ තත්ත්වයකට ද මුහුණ පා ඇතැයිද ඔහු පැවසීය.

මේ හේතුවෙන් සේවකයා වෙත මාසික වේතනය ලබාදීමේ දී මේ අනුව ගැටළු මතුවී ඇති බවද නිරුක්ෂ කුමාර මහතා වැඩිදුරටත් සඳහන් කළේය.  

ගනේශ් වීදියබණ්ඩාර

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version