මුල් පිටුව උණුසුම් පුවත් අලුත් ගාස්තු ලැයිස්තුව නොපෙන්වන බස් අල්ලයි

අලුත් ගාස්තු ලැයිස්තුව නොපෙන්වන බස් අල්ලයි

0

බස්රථ ගාස්තු සං⁣ශෝධන පත්‍රිකා ප්‍රදර්ශනය කර නොමැති පෞද්ගලික බස්රථ පිළිබඳව සොයා බැලීමට ලබන සඳුදා සිට මො⁣හෙයුමක් ආරම්භ කරන බව බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය සඳහන් කරයි.

එහි සභාපති ඕ.ඩබ්ලිව්.ප්‍රසන්න සංජීව මහතා මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ එවැනි බස්රථ පිළිබඳව 011-2860860 යන දුරකථන අංකයට දැනුම් දෙන ලෙසයි.

මගී ජනතාවගේ දැන ගැනීම සඳහා පෞද්ගලික බස්රථවල අදාළ පත්‍රිකාව ඇලවීම අනිවාර්ය බව ද ඔහු සදහන් කළේය.

මෙම මෙහෙයුම සදහා මාර්ග පරීක්ෂකවරුන් යොදවන බවද ඕ.ඩබ්ලිව් ප්‍රසන්න සංජීව මහතා වැඩිදුරටත් පැවසීය.

ගනේශ් වීදියබණ්ඩාර

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version