මුල් පිටුව අනාවරණ කායවර්ධනයේ ගැහිලි එළියට

කායවර්ධනයේ ගැහිලි එළියට

0

ශ්‍රී ලංකා කායවර්ධන සංගමයේ සිදුවී ඇතැයි කියනු ලබන මූල්‍ය අක්‍රමිකතා සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ක්‍රීඩා අමාත්‍යාංශය යටතේ ඇති ක්‍රීඩා වැරදි විිමර්ශන ඒකකය ශ්‍රී ලංකාවේ කායවර්ධන ශූරයෙක් වන ලූෂන් පුෂ්පරාජ් මහතාගෙන් ඊයේ (06) ප්‍රකාශයක් ලබාගෙන තිබේ.

ලූෂන් පුෂ්පරාජ් මහතා සහභාගිවූ විදෙස් කායවර්ධන තරගාවලියකට අනුග්‍රාහක දායකත්වයක් ලෙස ගුවන් ටිකට්පතක් ලබාදී ඇති බව කායවර්ධන සංගමයේ ගිණුම් ගතව ඇති තොරතුරුවල සදහන්ව තිබීම හේතුවෙන් ඒ සම්බන්ධයෙන් පැහැදිලි කර ගැනීමකට ලූෂන් පුුෂ්පරාජ් මහතාව කැදවූ බව එම විමර්ශන ඒකකයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජගත් ෆොන්සේකා මහතා සදහන් කළේය.

රුපියල් ලක්ෂ තුනකට අධික මුදලක් එම ගුවන් ටිකට්පතට වැයකර ඇතැයි ගිණුම්වල සදහන් වූවත් ලූෂන් පුෂ්පරාජ් මහතා එවැනි මුුදලක් හෝ ගුවන් ටිකට්පතක් තමාට සංගමයෙන් ලැබී නැතැයි ප්‍රකාශයක් ලබාදෙමින් සදහන් කළ බවද ජගත් ෆොන්සේකා මහතා සදහන් කළේය.

ඒ අනුව ඒ සම්බන්ධයෙන් විමර්ශන තවදුරටක් සිදුුකෙරන බවද ජගත් ෆොන්සේකාා මහතතා වැඩිදුරටත් සදහන් කළේය.

කුමාර ජයවර්ධන

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version