මුල් පිටුව උණුසුම් පුවත් දුම්රිය ධාවනයටත් ඉන්ධන හරස් වන ලකුණු

දුම්රිය ධාවනයටත් ඉන්ධන හරස් වන ලකුණු

0
train
file photo

දුම්රිය දෙපාර්තමේන්තුව සතුව මේ වන විට ඇත්තේ දින පහක කාලයකට ප්‍රමාණවත් ඉන්ධන සංචිතයක් පමණක් බව දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා සදහන් කරයි.

දුම්රිය ධාවනයට දෛනිකව ඉන්ධන ලීටර් ලක්ෂයක් පමණ වැයවන බව දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා සදහන් කළේය.

දුම්රිය දෙපාර්තමේන්තුව සතුව ගබඩාකර ගැනීමට පහසුකම් ඇත්තේ දින 10 කට ප්‍රමාණවත් ඉන්ධන සංචිතයක් පමණත් බවත් ධම්මික ජයසුන්දර මහකා පවසයි. එහෙත් මේ වන විට ඇත්තේ එයින් සියයට 50 ක් පමණ බව ඔහු අවධාරණය කළේය.

ඉන්ධන සංචිතවල යම් අඩුවීමක් තිබුණත් දුම්රිය ධාවනයට එය බාධාවක් නොවන බවත් . ලංකා ඛනිජ තෙල් සංස්ථාව මගින් දෛනිකව ඉන්ධන මිලදී ගැනීමේ ක්‍රමවේදයක් ක්‍රියාත්මක බවත් දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා සඳහන් කරයි.

කුමාර ජයවර්ධන

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version