මුල් පිටුව උණුසුම් පුවත් නුවරඑළියේදී බාබකියු උඳුනෙන් උණුසුම් වෙන්න ගිය අඹුසැමි යුවල මියයති

නුවරඑළියේදී බාබකියු උඳුනෙන් උණුසුම් වෙන්න ගිය අඹුසැමි යුවල මියයති

0

ගොකරැල්ලේ සිට නුවරඑළියේ සංචාරය සඳහා ගිය පිරිසක් අතර සිටි අඹුසැමි යුවලක් සීතලෙන් උණුසුම්වීම සදහා ඔවුන් නවාතැන්ගත් හෝටල් කාමරයේ බාබකියු උඳුනක් තබාගෙන නිදා ගෑනීමෙන් උඳුන දල්වා තිබුණු ගල්අගුරුවලින් පිටවන කාබන්මොනොක්සයිඩ් විසවීමෙන් මියගොස් ඇත.

මෙම අවාසනාවන්ත මරණය සිදුව ඇත්තේ ඊයේ රාත්‍රී කාලයත් අද අළුයම් කාලයත් අතරය.

මියගොස් ඇත්තේ අවුරුදු 58 සහ 59 වයස්වල පසුවන්න අඹුසැමි යුවලකි.

පවුලේ සාමාජිකයන් සමඟ නුවරඑළියේ සංචාරය සඳහා පැමිණි ඔවුන් දෙදෙනා මස් පුළුස්සා ගැනීමට යොදාගත් උදුන රාත්‍රීෙය් නින්දට යන විට සිය කාමරයට රැගෙන ගොස් ඇති බව විමර්ශන වලින් අනාවරණය වී ඇත.

ඔවුන් දෙදෙනා මියගොස් ඇති බව අනාවරණය වී ඇත්තේ පවුලේ සාමාජිකයන් කාමරය විවෘත කර බලන අවස්තාවේ දීය.

මෙවැනි මරණ කිහිපයක්ම පසුගිය දසකයක කාලය තුළ සිදුව ඇති අතර වරක් එකම පවුලේ සාමාජිකයින් 05 දෙනෙක් මේ ආකාරයට මියගොස් තිබුණි. ඩීසල් වෑන් රථයක් පණ ගන්වා ගරාජයක් තුළ නිදාගෙන සිටි කාර්මිකයෙක් ද පසුගිය කාලයේ නුවරඑළියේදී මියගොස් තිබුණි.

කුමාර ජයවර්ධන

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version