මුල් පිටුව special යුක්‍රේන වැසියන්ට ගිනිඅවි බෙදයි – හිටපු ජනපතිත් අවිය අරන් එයි

යුක්‍රේන වැසියන්ට ගිනිඅවි බෙදයි – හිටපු ජනපතිත් අවිය අරන් එයි

0

යුක්‍රේනයේ කීව් අගනුවර ආරක්ෂා කිරීමට ස්වෙච්ඡාවෙන් ඉදිරිපත් වූවන්ට ස්ව්‍යංක්‍රීය ගිණි අවි දහ අටදහසක් ලබාදීමට යුක්‍රේන රජය පියවරගෙන තිබේ.

මේ අතර කීව් නගරයේ වෙසෙන ජනතාවට රුසියානු හමුදාවන්ගේ ක්‍රියාකාරකම් රහසිගතව රජයට ලබාදෙන ලෙසටද ඉල්ලීමක්ද කර ඇත.

මෙහිදී යුක්‍රේන හමුදා ක්‍රියාකාරකම් කිසිම අයුරකින් පටිගත නොකරන ලෙසත් එම ක්‍රියාකරකම් සමාජ ජාල මාධ්‍ය වෙත නිකුත් නොකරන ලෙසත් යුක්‍රේන රජය ජනතාවගෙන් ඉල්ලා තිබේ.

යුක්‍රේනයේ හිටපු ජනාධිපති පෙට්ට්‍රෝ පොරොෂෙන්කෝද රුසියානු හමුදාවන්ට එරෙහිව ගිණි අවියක් අතැතිවය වීදි වලට පැමිණ තිබේ.

වාසල සේනාරත්න

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version