මුල් පිටුව උණුසුම් පුවත් හරීන්ගේ ටෝච් එක නිසා පාර්ලිමේන්තුව කල්තබයි

හරීන්ගේ ටෝච් එක නිසා පාර්ලිමේන්තුව කල්තබයි

0

විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා පාර්ලිමේන්තුවට විදුලි පන්දමක් රැගෙන ඒම හේතුවෙන් ඇති වූ උණුසුම්කාරී තත්ත්වයක් මත පාර්ලිමේන්තුව විනාඩි 10 කට කල් තබා තිබේ.

හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා සභා ගර්භයට දන්වා සිටියේ විදුලිය විසන්ධි වූ විට වැසිකිලියේ භාවිතා කිරීමට හැකිවන පරිදි විදුලි පන්දම අද දිනයේ කටයුතු සඳහා රැගෙන ආ බවයි.

ඉන් අනතුරුව පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන අමාත්‍යවරයා කථානායකවරයාට දන්වා සිටියේ එවැනි උපකරණ මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාවට තර්ජනයක් විය හැකි බැවින් සභා ගර්භය තුළට ගෙනඒමට ඉඩ නොදෙන ලෙසයි.

මේ සම්බන්ධයෙන් අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සහ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු අතර උණුසුම් බහින් බස්වීමක් ද ඇති විය.

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version