මුල් පිටුව උණුසුම් පුවත් අහසට වෙඩි තබා සිය දරුවා පැහැරගත් අපරාධකරු පොලිස් වෙඩි පහරින් මරුට

අහසට වෙඩි තබා සිය දරුවා පැහැරගත් අපරාධකරු පොලිස් වෙඩි පහරින් මරුට

0
Israeli practice shooting with in a shooting range called Magnum 88 in Jerusalem, on March 08. 2007. Photo by Olivier Fitoussi /Flash90. *** Local Caption *** ?????????? ??? ???? ??? ??? ????? ???? ??

හොරණ කඳන ප්‍රදේශයේ දී අහසට වෙඩි තබා කාන්තාවක් භාරයේ සිටි හත් හැවරදි දරුවෙක් පැහැරගෙන ගිය නීලක නැමැති අපරාධකරු අද සවස පොලිස් වෙඩි පහරකින් මරුමුවට පත්ව තිබේ.

පොලීසිය සදහන් කරනුයේ හොරණ වැල්ලපිටියේදී පොලීසිය සමඟ පැවති වෙඩි හුවමාරුවකින් ඔහු මරුමුවට පත්වූ බවය.

පැහැර ගැණුනු දරුවාගේ පියා වන්නේ එම සැකකරුය. ඔහු එසේ පැහැරගෙන ඇත්තේ සිය බිරිඳගේ මවගේ භාරයේ දරුවා සිටියදීය. දින කිහිපයකට පෙර සැකකරු සිය බිරිදට පහරදී අත්පා වෙන් වන්න කපා ඇති බවත් ඇය මේ වන විට රෝහල්ගතව දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවත් පොලීසිය සඳහන් කරයි.

දරුවාව පැහැරගෙන ඇත්තේ එම අපරාධයට ඔහුව අත්අඩංගුවට ගැනීමට පොලීසිය සොයමින් සිටියදී ඊයේ රාත්‍රී කාලයේදී ය.

පොලීසිය සඳහන් කරන්නේ නීලක නැමැති මෙම සැකකරු මිනිස් ඝාතන ඇතුළු අපරාධ රැසකට සම්බන්ධ පුද්ගලයෙක් බවය.

මෙම පුද්ගලයා පොලීසියට වෙඩි තැබීමට යොදා ගත් ටී 56 අවියද පොලීසිය විසින් සොයා ගෙන ඇත.

පොලීසිය සදහන් කරනුයේ ඔහු පැහැරගත් දරුවා වෙඩි හුවමාරුව සිදුවූ ස්ථානයේ නොසිටි බවය.

එම දරුවා සොයා මේ වන විට විමර්ශන පවත්වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ නිහාල් තල්දූව මහතා සඳහන් කළේය

කුමාර ජයවර්ධන

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version