මුල් පිටුව special ඔබේ වාහනයේ බැටරිය ගැන ඔබ දැන ගත යුතු දේ

ඔබේ වාහනයේ බැටරිය ගැන ඔබ දැන ගත යුතු දේ

Hand worker service check car battery

අද ලෝකයේ බොහෝ වාහන බලගන්වන්න නොයෙක් බැටරි වර්ග යොදා ගන්නවා. නමුත් බොහෝ කාලයක පටන් අපි ලෙඩ් ඇසිඩ් වර්ගයේ නැවත ආරෝපනය කල හැකි බැටරි තමයි වාහන වලට සුලභව භාවිතා කරනු ලබන්නේ. සමහරවිට අපි වාහන භාවිතා කරනු ලැබුවත් මේ බැටරි පිලිබඳ එතරම් සැලකිල්ලක් දක්වන්නේ නැතිවන්නට පුළුවන්. බැටරිවල දැන් පවතින අධික මිල නිසාම කල් පැවැත්ම සඳහා නිසිලෙස බැටරි නඩත්තු කිරීම වැදගත් වනවා.

රසායනික ශක්තිය විද්යුත් ශක්තියට පරිවර්තනය කරන ලෙඩ් ඇසිඩ්  බැටරිය වෝල්ට් දොලහා : 12V ලෙසින් තමයි වාහනවල දකින්නට නම් තියෙන්නේ. ඒ කියන්නේ සංයුක්ත ලෙස 12V ලෙස සඳහන් වුනත් ප්‍රයෝගිකව පරිපථයකට සම්බන්ධ නොකළ එහෙත් ආරෝපනය වූ සාමාන්‍ය බැටරියක් වෝලිට් මීටරකින් මැනීමේදී අවම 12.6 V ක වත් අගයක් පෙන්නුම් කල යුතු වනවා.  සංයුක්ත බැටරියක අභ්‍යන්තරය කෝෂ නැතහොත් cell  හයකින් (6) සමන්විතවන අතර එක කෝශයක් 2.1V ප්‍රමානයක විභව අන්තරයකින් සමන්විතවනවා. ඉතින් මේ කෝශ හයම ශ්‍රේණිගතව තමයි එකිනෙකට අභ්‍යන්තරව සම්බන්ධවෙලා තියෙන්නේ.

බැටරිය බාහිර විදුලි පරිපථයක් හරහා සම්බන්ධ වූ විට තමයි බැටරිය බහින්නේ එහෙමත් නැතිනම් විසර්ජනය වන්නේ. ඉතින් එහෙම විසර්ජනය වනවිට එය ආරෝපනය කිරීමට එහෙමත් නැතිනම් චාජ් කිරීම සිදු කරන්නේ ඇන්ජිම මගින් කරකවා ගනු ලබන ඔල්ටනේටරය මගිනි. සාමානයෙන් ඕල්ටනේටරයක උපරිමය ප්‍රතිධාන ක්‍රියාකාරීත්වය  6000 RPM (මිනිත්තුවකදී කැරකෙන වට ගණන) සිට  1000 RPM වනතෙක් ස්ථාවර මට්ටමින් ලබා දෙනවා. ඉතින් බොහෝවිට ඇන්ජිමක RPM එක සාමාන්‍යයෙන් 2400 RPM වගේ අගයක් තමයි වෙන්නේ. චලන ශක්තියෙන් තමයි ඕල්ටනේටරක් විද්‍යුතය නිපදවන්නේ. ඕල්ටනේටරයක් සාමාන්‍යයෙන් ඇම්පියර 120 A සිට 155 A දක්වා ප්‍රතිධානයක් ලබා දිය හැකියි. ඇන්ජිම ඇක්සලරේට් කරනවිට එය 20A-50A ක ඇම්පියර ප්‍රමාණයකින් වැඩිවනවා. ඕනනම් ක්ලෑම්ප් මිටරයක් මගින් එය ලෙහෙසියෙන් පරීක්ෂා කරගන්නට පුළුවන්. නැතහොත් ඇමීටරයක් ශ්‍රේණිගත ව සම්බන්ධ කිරීමෙනුත් මෙය බලාගන්නට පුළුවන්.

ප්‍රත්‍යාවර්ථ විදුලියක් ජනනයවන ඕල්ටනේටරයක් බැටරියකට සම්බන්ධ වන්නේ රෙගියුලේටරයක් හරහායි.  රෙගියුලේටරය තමයි ජනනය වන විද්‍යුතය ස්ථාවර හා සරල ධාරාවක් බවට පත්කරන්නේත්. ඒනිසා බැටරියක ආයුකාලය රෙගියුලේටරය මතත් රඳා පවතිනවා. කරකැවෙන ඕල්ටනේටරයක් රෙගියුලේටරය හරහා බැටරියට සම්බන්ධව පවතින විට එහෙමත් නැත්නම් ආරෝපනය වන අවස්ථාවේදී එම බැටරිය වෝල්ටීයතාවය 13.8V- 14.6V අතර වගේ අගයක් පෙන්නුම් කරනවා. ඕල්ටනේටර පේනුව නොඑසේ නම් ෆියුසය පිළිස්සුන විටදී ද බැටරිය ආරෝපනය සිදු නොවෙන නිසා බැටරියේ ක්‍රියාකාරිත්වයට එය ද බලපාන්නට පුළුවන්.

Auto mechanic checking car battery voltage
Auto mechanic checking car battery voltage

බැටරියක් හරියට නඩත්තු නොකළහොත් බැටරියේ ආයුකාලය අඩුවනවා. ඒ කියන්නේ  බැටරියේ විභව අන්තරය ශීඝ්‍රයෙන් අඩුවී 12 V වලටත් අඩු අගයක් පෙන්වීමත් සමගම ස්ටාටර් මෝටරයට අවශ්‍ය සැපයුම ලබා දෙන්නට බැරි වනවා. ඉතින් බැටරිය කාලයත් එක්ක විසර්ජනය වීම, දුහුවිලි නිසා අනවශ්‍ය  විසර්ජනය, බැටරි ටර්මිනල් වල ලවන බැඳීම, ආසෘත ජල මට්ටම ගැන නොසැලකිල්ල, වෙනත් වාහන පණගැන්වීමට ජම්පර් භාවිතා කිරීමෙදී ෂොට්වීම (ක්ෂණික විසර්ජනය) බැටරියක අභාවයට සුලබ හේතු ලෙස දක්වන්නට පුළුවන්.

බැටරි ටර්මිනල් පිරිසිදු කිරීමට උණුවතුර භාවිතයනම් එච්චර හොද දෙයක් නොවේ. ඊට ආප්පසෝඩා වතුර යොදාගෙන බුරුසුවකින් මැදීම කලහැකියි. WD-40 ස්ප්‍රේ කිරිමද තවත් ක්‍රමයකි. ඉන්පසුව වෙළඳපොලේ ගන්නට ඇති ඒ සඳහාම  විශේෂ වූ පරිවාරක ග්‍රීස් වර්ගයක් ආලේප කරගතහැකියි. ඒ වාගේම බැටරි ටර්මිනල නිසිපරිදි තතවී තිබෙදැයි සැමවිටම සොයා බැලිය යුතුවෙනවා .

බැටරියක් විසර්ජනය වන සිඝ්‍රතාවයෙන්ම එය ආරෝපණය වන්නේ නම් නැ. විශේෂයෙන් ඇන්ජිමක් පනගැන්වීමට යෝදාගන්නා ස්ටාටර් මෝටරයට අධික බලයකට විරුද්ධව කාර්ය කිරීම සඳහා විශාල විද්‍යුත් ධාරාවක් ලබා දිය යුතුවෙනවා. ඒ සඳහා බැටරියෙන් විශාල ඇම්පියර ප්‍රමාණයක් ලබාදෙනවිටදී බැටරිය මොහොතෙන් විසර්ජනයකට ලක්වෙනවා. ඒ වැයවූ ප්‍රමාණ නැවත සම්පූර්නව ආරෝපනය කිරීමට පැය කිපයක් වාහනය ධාවනය කලයුතු වෙනවා. නො එසේ නම් පනගන්වා තිබියයුතු වෙනවා. ප්‍රශ්නය නම් එපමණ කාලයක් ඔබ වාහනය පදවනවද කියන එකයි. පුර්ණ ආරෝපනයක් දක්වා චාර්ජ් නොකළහොත් බැටරියේ රැඳවිය හැකි ආරෝපණ මට්ටම කෙමින් කෙමින් අඩුවී බැටරිය අභාවයට යනවා. සාමාන්‍යයෙන් බැටරියක ස්ටේට් එක නැතහොත් කාර්යක්ෂමතාවය විටින් විට මැනිමේ දී බැටරියේ තත්වය අපට බලාගන්නට පුළුවන්. එක කෝෂයක් 2.1 V වට වඩා එන්න එන්න පහල යනවිට  බැටරියේ කාර්යක්ෂමතාවය අවම වන බව ඔබට පසක්වෙනවා ඇත.

බැටරිය ෆේල් වන්නට වන සෙසු කාරනා නම්, අධිආරෝපනය, අවආරෝපනය, නිතර සිදුවන පූර්ණවිසර්ජන ක්‍රියාවලීන් , ඉලෙක්ට්‍රොලයිට් (බැටරි ඇසිඩ හා බැටරි වතුර) අවමවීම, ලවණ බැඳීම, නිතැතින් කම්පනවලට බඳුන්වීම, අභන්තර/බාහිර ෂෝට්වීම්, ඉහල උෂ්නත්වයන්ට බඳුන්වීම, ආවරණවල ප්‍රශ්න, අනිසි ගබඩාකිරීම්, කල්ඉකුත්වූ බැටරි ලෙස දැක්විය හැකි වෙනවා.

Auto mechanic replacing car battery

බැටරියක් හයිඩ්රොමීටරයක් යොදාගෙන සාපේක්ෂ ඝනත්වය පරීක්ෂා කිරීමෙන් නිසි මට්ටමෙ ඝනත්වඅගයන් ඇත්තේ දැයි ද පරීක්ෂාකරන එක තවත් එක් ක්‍රමයක්. පුර්ණආරෝපන බැටරියක සාපේක්ෂ ඝනත්ව අගය 1.28 වනඅතර පුර්ණවිසර්ජන මට්ටම 1.15 ලෙස දැක්වෙනවා. බැටරි පරීක්ෂා කිරීමට යෝදාගන්නා බොහෝ හයිඩ්රොමීටර වල සාමාන්‍ය ක්‍රමාන්කනයට  අමතරව එක්වරම පෙන්වුම් කිරීමට කහ, කොළ රතු පැහැති වර්ණ යෝදාගන්නවා. පුර්ණ ආරෝපිත තනිකෝෂයක නිරපේක්ෂ ඝනත්වය සෙල්සියස් අංශක 26.7 දී 1.265  වියයුතු අතර එම අගය 0.05 ක වන වෙනසකින් දුර්වල වූ කෝෂය ලෙහෙසියෙන්ම හඳුණා ගැනීමට හැකිවේ.

සමහර බැටරිවල CCA (Cold Crank Amps) කියන අගයෙන් දක්වන්නේ සිතල පරිසර තත්ත්ව යටතේ එනම්  -17.8 0C හිදී එන්ජිම පනගන්වන්න ලබාදියහැකි උපරිම ඇම්පියර ප්‍රමාණයයි. අවශ්‍යනම් ලෝඩ් ටෙස්ටර් උපකරණයකින් වුවද මෙය නිරීක්ෂණය කල හැකි වෙනවා.

බැටරියක ධාරිතාවය, අප දැනගතයුතු ඊලග කාරණාවයි. බැටරියේ ඇම්පියර් ප්‍රමාණය එමගින් කියවෙනවා. එනම් පුර්ණ වශයෙන් ආරෝපනය කර ඇති බැටරියක් සම්පුර්ණ විසර්ජනයක් වනතෙක් ලාබාගත හැකි විදුලි ප්‍රමාණයයි. තවත් විදිහකින් කියනවානම් දෙනලද කාලයකට සාපේක්ෂව ඇදගත හැකි උපරිම ඇම්පියර් ප්‍රමාණය කීවත් නිවැරදියි.

උදාහරණයක් ලෙස ඇම්පියර්-පැය 0.6 ක් කියන්නේ පුර්ණ ලෙස ආරෝපණය කර ඇති බැටරියක් පැයක කාලයක දී පුර්ණ වශයෙන් විසර්ජනය කිරීමෙන් ඇම්පියර්-පැය 0.6 විදුලි ප්‍රමාණයක් ඇදගත හැක. රූපයේ දකුණු පස වක්‍රය සලකු විට ඉන් කියවෙන්නේ පැය විස්සක් තුල ඇම්පියර 0.05 ක් ලබාගත හැකි බවයි. මෙහිදී ඔබ නිරීක්ෂණය කල යුතු කරුණ වන්නේ බැටරියකින් වැඩි ධාරාවක් ලබාගැනීමේදී කාලයත් විභව අන්තරයත් අඩුවන බවයි. ඉතින් එකඑක වාහනවලට අවශ්‍ය බැටරියේ ඇම්පියර් ප්‍රමාණය නිෂ්පාදකයා විසින් ලබාදෙනවා. බැටරියේ ඇම්පියර් ප්‍රමාණය වැඩිවෙන විටදී එහි මිලද වැඩි වන  බව ඔබ දන්නා කරුණක් නේද?

ආචාර්ය ආර් චින්තක එල් ද සිල්වා

ජේෂ්ඨ පර්යේෂණ විද්‍යාඥ-කාර්මික තාක්ෂණ ආයතනය. සාමාජික, ශ්‍රී ලංකා විද්යාභිවර්ධන සංගමය (SLAAS)/ශ්‍රී ලංකා භෞතික විද්‍යා ආයතනය (IPSL)

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version