මුල් පිටුව උණුසුම් පුවත් සංචාරකයන් යාලට යද්දී වනජීවි ජංගම මුර සංචාර ‍යොදවයි

සංචාරකයන් යාලට යද්දී වනජීවි ජංගම මුර සංචාර ‍යොදවයි

0

සංචාරකයින් රැගත් වාහනවලට යාල ජාතික වනෝද්‍යානය තුළදී වන අලි පහරදීම් වැළැක්වීම සඳහා වනජීවී නිලධාරීන් රැගත් ජංගම මුර සංචාර වාහන 02 ක් යොදවා ඇති බව වනජීවී දෙපාර්තමේන්තුව පවසයි.

පසුගිය දින කිහිපයේදී යාල වනෝද්‍යානය තුළදී වන සංචාරකයන් රැගත් වාහන වලට වන අලි පහරදුන් බව වාර්තා විය.

වන ජීවි දෙපාර්තමේන්තුවේ සඳහන කළේ, මද කීපිම හේතුවෙන් ගැමුණු හා නන්දිමිත්‍ර ඇතුන් දෙදෙනා සංචාරකයින් රැගත් වාහනවලට මේ දිනවල පහර දී ඇති බවය.

මෙම තත්ත්වය වළක්වා ගැනීම සඳහා සංචාරකයින් රැගත් වාහනවල රියැදුරන් දැනුවත් කර ඇති බව ද වනජීවී දෙපාර්තමේන්තුව පවසයි.

ගනේශ් වීදියබණ්ඩාර

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version