මෙරට විශාලතම ස්වාභාවික ගල්ලෙන ලෙස සැලකෙන පාහියන්ගල ගල්ලෙනෙහි සිදුකළ කැණීම් මගින් සොයා ගෙන වැඩිදුර පර්යේෂණ සදහා ජර්මනියට රැගෙන ගොස් තිබූ ‘මානව අස්ථි අවශේෂ කොටස් ‘ සංරක්ෂණ කටයුතු සදහා ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඪය වෙත භාරදී තිබේ.
ඒ ජාතික උරුම,ප්‍රාසාංග කලා හා ග්‍රාමීය කලා ශිල්පී ප්‍රවර්ධන කටයුතු රාජ්‍ය විදුර වික්‍රමනායක මහතාගේ ප්‍රධානත්වයෙනි.
මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වමින් මහාචාර්ය වෙදගේ මහතා සඳහන් කර සිටියේ අස්ථි අවශේෂ කොටස් නව පරිසර පද්ධතියක් තුළ ආරක්ෂාකාරී ලෙස ස්ථායි කිරීම සහ සංරක්ෂණ කටයුතු සිදු කරන බවයි.
ඒ සඳහා මාස 05ක් වැනි කාලයක් ගතවනු ඇතැයි සිතියි හැකි බවත් මහාචාර්යවරයා සඳහන් කළේය.
මෙම මානව අස්ථි කොටස් සොයා ගැනීමෙන් පසුව ඒ සම්බන්ධව වැඩිදුර පර්යේෂණ කටයුතු සිදුකරනු ලැබුවේ ලෝකයේ හොඳම මානව විද්‍යාඥයකු ලෙස කීර්තියට පත් එංගලන්තයේ කේම්බ්‍ර්ජ් විශ්වවිද්‍යාලයේ මානව විද්‍යා අධ්‍යන අංශයේ අචාර්ය ජේ.ස්ටෝක් මහතා විසිනි.
එම පර්යේෂණ කටයුතු ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය සහ මෙරට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ඒකාබද්ධ ව්‍යාපෘතියක් ලෙස සිදු කෙරිණි.
ජාතික උරුම,ප්‍රාසාංග කලා හා ග්‍රාමීය කලා ශිල්පී ප්‍රවර්ධන කටයුතු රාජ්‍ය
අමාත්‍යාංශ ලේකම් නිශාන්ති ජයසිංහ , පුරාවිද්‍යා අධ්යක්ෂ ජනරාල් මහාචාර්ය අනුර මනතුංග,ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ඉතිහාස හා පුරාවිද්‍යා අධ්‍යයන අංශයේ ප්‍රධානි මහාචාර්ය ඇලෙක්සැන්ඩර් කපුකොටුව, ඉතිහාස හා පුරාවිද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ඔෂාන් වෙදගේ යන මහත්ම මහත්මිහු මෙම අවස්ථාව සහභාගීවූහ.